Gossip

වෙඩින් එක පැත්තක තියලා ටීම් එක ගොඩගන්න ආව හැටි ගැන අකිල ලෝකෙටම කියයි – වීඩියෝ

ඊයේ (24) ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවති දෙවන එක්දින තරඟයෙන් කඩුලු 3ක ජයක් ඉන්දියාව හිමිකරගත්තා. කෙසේ නමුත් තරඟයේ වීරයා බවට පත්වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු ක්‍රීඩක අකිල ධනංජය විසිනුයි.

ඔහුගේ විශ්මිත පන්දුයැවීම හමුවේ ඉන්දියාවේ ප්‍රභල ක්‍රීඩකයින් රැසක්ම අසරණ වුණු අතර පන්දු ඕවර 10දී ඔහු කඩුලු 6ක් දවා ගැනීමට සමත්වුණා. කෙසේ නමුත් ඔහුගේ පන්දු යැවීමේ අංශයෙන් ඔහුට සහයක් නොලැබුණු නිසාවෙන් ඉන්දීය පිලේ ඉතිරි කඩුලු 3 දවාගැනීමට පන්දුයවන්නන් අසමත් වුණා.

අකිල තරඟයට පෙරදින විවාහ දිවියට පිවිසුණු අතර ඒ අතර හදිසියේම කණ්ඩායමට පැමිණ දැක්වූ දක්ෂතාව පිළිබඳව තරඟයෙන් අනතුරුව පැවති ත්‍යාග ප්‍රධානයේදී නිවේදකයා විසින් ප්‍රශ්න කර සිටියා.

ඔහු එහිදී දැක්වූයේ මෙවන් අදහසක්….

”ඊයේ (23) වෙඩින් එක තිබ්බා, හරියට පුහුණු වෙන්නත් බැරිවුණා, රෑ තමයි නුවරට ආවේ, විකට් 6ක් අරගෙනැත් මැච් එක දිනන්න බැරිවුණු එක ගැන ගොඩක් දුකයි, දින්නානම් අද ගොඩක් සතුටින් යනවා”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!