බොලිවුඩ්

ඓශ්වර්යා අමිතාබ්භච්චන් සමඟ අවුලකින්ද?කෝටි 21ක් දී නිවසක් මිලදී ගනියි

සුරූපී ඓශ්වර්යා රායි, තම සැමියා වන ජනප්‍රිය නළු අභිෂේක් භච්චන් සහ දියණිය ආරධ්‍යා සමඟ පදිංචිව සිටින්නේ අභිෂේක්ගේ මහ ගෙදරයි. එහිම තමයි, ඔහුගේ දෙමවුපියන් (අමිතාබ් භච්චන් සහ ජයා බහදූරි) පදිංචිව සිටින්නේ.

කොහොම වෙතත් පසුගිය සතියේ බොලිවුඩ් පුරවරයෙන් ආරංචියක් ලැබුණේ ඓශ්වර්යා නව නිවෙසක් මිලදී ගෙන ඇති බවයි. මිලදී ගත් මේ නව නිවෙසෙහි පදිංචියට යනවාදැයි ඓශ්වර්යා තවම ප්‍රකාශ කරලා නැහැ. මෙය, තට්ටු නිවාස සංකීර්ණයක පිහිටි නවීන පන්නයේ නිවෙසක්. ඉන්දියාවේ බන්ද්‍රා ප්‍රදේශයේ කුර්ලා තට්ටු නිවාස සංකීර්ණයේ පිහිටි ඓශ්වර්යා මිලට ගත් මේ නිවෙසෙහි වටිනාකම ඉන්දීය රු. කෝටි 21 ක්. මීට අදාළ සියලු ගනුදෙනු පසුගිය සතියේ සිදුවී තිබෙනවා. වර්ග අඩි 5,500 කින් යුතු මේ නිවෙසෙහි නිදන කාමර 5 ක් ඇති බවයි පැවසෙන්නේ. ඉන්දියාවේ කෝටිපතියන් කිහිප දෙනෙකු ද මේ නිවාස සංකීර්ණයෙන් අලුත් නිවාස මිලට ගෙන ඇතැයි ද බොලිවුඩ් පුරවරයේ අය ප්‍රකාශ කරනවා.

ඓශ්වර්යා එලෙස නව නිවහනක් මිලට ගනිද්දී ඇගේ සැමියා අභිෂේක් භච්චන්ට සහ මාමණ්ඩිය, අමිතාබ් භච්චන්ට එරෙහිව පසුගිය සතියේ නඩුවක් පැවරී තිබෙනවා. ඒ, ඉන්දීය ජාතික කොඩියට අගෞරව කරමින් හැසිරීම පිළිබඳව පසුගියදා ඉන්දීය ක්‍රිකට් පිල පාකිස්තානු ක්‍රිකට් පිල පරාජය කිරී‍මේ ප්‍රීතිය භුක්ති විඳිමින් තම නිවෙසේ සඳළුතලයේ සිට අමිතාබ් සහ අභිෂේක් රසික පිරිසකට අත වැනුවේ ඉන්දීය ජාතික කොඩිය ඔවුන්ගේ සිරුරු වටා ඔතාගෙනයි. මේ අවස්ථාවේ ගන්නා ලද ඡායාරූප පුවත්පත්වල පළවී තිබුණා.

R1 R2 R3 R4 r5

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!