Gossip

වෛද්‍යවරු නිසා රෝගීන් 05කට ඒඩ්ස්

llll

රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 5 දෙනෙකුට ඒඩ්ස් වෛරසය ආසාධනය වී ඇති පුවතක් චීනය වාර්තා කරනවා.

එසේ වී ඇත්තේ එච්.අයි.වී ආසාධිත රෝගියෙකු භාවිත කළ වෛද්‍ය උපකරණ වෛද්‍ය තාක්ෂණවේදියෙක් විසින් වෙනත් රෝගීන් පිරිසක් වෙනුවෙන් යොදා ගැනීම නිසා බවයි විදෙස් වාර්තා පවසන්නේ.

මේ සිද්ධිය ගැන චීනයේ දැඩි මතවාදයක් නිර්මාණය වෙමින් පවතිනවා.

වෙනත් රෝග සඳහා ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 05‍ දෙනෙකුට ඒඩ්ස් වෛරසය ආසාධනය වී ඇති බවට එම රෝහල තහවුරු කරලා තිබ්බත් රෝගීන් වෙනුවෙන් අදාළ වෛද්‍ය උපකරණ භාවිත කර ඇත්දැයි ඔවුන් තවමත් හෙළි කර නැහැ.

මේ සිද්ධියෙන් පස්සේ අදාළ රෝහලේ වෙබ් අඩවියත් අත්හිටුවලා තියෙනවා. මේනිසා මෙම සිද්ධිය ගැන රෝහලෙන් කිසිම තොරතුරක් ලබා ගන්න නොහැකි බවයි චීන මාධ්‍ය වාර්තා කරලා තියෙන්නේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!