Gossip

ලෝක දෘෂ්ටි දිනය වෙනුවෙන් “අද දෙරණ“ ලාංඡනය වෙනස්වෙයි

මුළුමහත් ලෝකයම ලෝක දෘෂ්ටි දිනය සමරන ඔක්තෝබර් 13 වනදා ලොව පුරා අක්ෂි දානයේ වැදගත්කම පෙන්වා දීම සඳහා විවිධාකාර වැඩසටහන් රාශියක් පවත්වන ලදි. Blind Walk යනු ඒ අතරින් බෙහෙවින් කැපී පෙනෙන වැඩසටහනක් විය.
අක්ෂි දානයේ වැදගත්කම මැනැවින් පෙන්වා දෙන වැඩසටහනක් ලෙස Blind Walk මේ වනවිට ලොව පුරා ජනප‍්‍රිය වී තිබේ. අන්ධභාවයට පත්වීම යනු කවර ආකාරයේ අත්දැකීමක්ද යන්න ජනතාවට අවබෝධ කරවීම මෙහි අරමුණ වී ඇත. අන්ධභාවයට පත්වීම නිසා ජීවිතයට ඇතිවන දුෂ්කරතා අවබෝධ කරගන්නා මෙම ජනතාව, අන්ධභාවය වැළැක්වීම සඳහා ගන්නා උත්සාහයට දායක වීමට නිතැතින්ම පෙළඹෙති.
ඉන්දියාවේ බැංගලෝරයේ The Project Vision ආයතනය මෙම වසරේදී Blind Walk වැඩසටහනක් සංවිධානය කළ අතර එම වැඩසටහන ඇමරිකා එක්සත් ජනපදය, චීනය, ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව යන රටවල සමගාමීව පවත්වන ලදි.
ශ‍්‍රී ලංකාවේ වැඩිම පිරිසක් පිවිසෙන පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යන මෙරට අංක එකේ රූපවාහිනී නාලිකාව වන අද දෙරණද මෙම වැඩසටහනට ඉතාමත් නිර්මාණශීලී අයුරින් දායක වීමට පියවර ගත්තේ ය. ශ‍්‍රී ලංකාවේ (ඇතැම්විට ලෝකයේම පවා)ප‍්‍රථම වරට අද දෙරණ “පෙනෙන දා නොවැටහෙයි, නොපෙනෙන දා වැටහෙයි“ යන පණිවිඩය සමගින් සිය ලාංඡුනය බ්‍රේල් අකුරු බවට පරිවර්තනය කර තිබේ.
ශ‍්‍රී ලංකාවේ 200,000 ක පමණ පිරිසක් සහ ලෝකයේ මිලියන 285 ක පමණ පිරිසක් මේ වනවිට අන්ධභාවය නිසා පීඩා විඳින බව විශ්වාස කෙරේ. මෙසේ අන්ධභාවය නිසා පීඩා විඳින ජනතාවට ඇස් පෙනීම ලබාදීම සඳහා මතු දිනයක ඇස් දන්දීමට ඔබටද හැකියාව පවතී.
බැංගලෝරයේ  The Project Vision ආයතනය සංවිධානය කරන Blind Walk වැඩසටහනට කොළඹ මධ්‍යම රොටරි සමාජය, කොළඹ මධ්‍යම රොටරැුක්ට් සමාජය,  ඕස්ටේ‍්‍රලියන්

කොලේජ් ඔෆ් බිස්නස් ඇන්ඞ් ටෙක්නොලජි ආයතනය, කොළඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨය සහ අචීවර්ස් ලංකා බිස්නස් ස්කූල් ආයතනය අනුග‍්‍රාහක දායකත්වය සැපයී ය. මෙම වැඩසටහන ඔක්තෝබර් 13 වනදා පස්වරු 3 ට කොළඹ රාජකීය විද්‍යාලයෙන් ආරම්භ කරන ලදි.

 

 

1

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!