Gossip

දෙවැනි ඉනිමේ දෙව්මිගේ මව හදිසියේම සසුන්ගත වුණේ ඇයි..? පළමු වරට ඇය හඬ අවදි කරයි – Exclusive

දෙවැනි ඉනිමේ අනූෂා කිව්වොත් කවුරුත් නොදන්න කෙනෙක් නැහැ.
ඒ තරමටම ඒ චරිතය හරහා ඇය හැමෝගෙම ආදරය දිනාගෙන තියෙනවා.
කවුද මේ අනූෂා. ඇය තමයි අන්ජලී ලියනගේ.
ඇය සසුන්ගත වුණා කියලා පසුගිය දවස්වල අන්තර්ජාලය පුරාම විවිධ කතා පැතිරුණා.
මේ ගැනත් ඇයගේ අලුත්ම තොරතුරු ගැනත් අහලා බලන්න අපි හිතුවා.

මොනවද අලුත්ම විස්තර…?
මේ දවස්වල දෙවැනි ඉනිමේ ෂූටින් තමයි ඉතිං.

ඇයි එකපාරම සසුන්ගත වෙන්න හිතුවේ…?
සසුන්ගත වුණා නෙවෙයි, සසුනට යන්න තියෙනවානම් ලොකු භාග්‍යක්.
මම හිතන විදිහට මට ලැබුණු පැය දෙක තුනට හරි සසුන්ගත වෙන්න ලැබුණු එක ගොඩක් වටිනවා.
මේක ෂෝට් ෆිල්ම් එකක කොටසක්. ලස්සන වැඩක්.
දක්ෂ අධ්‍යක්ෂවරයෙක් අලුත් අධ්‍යක්ෂවරයෙක් වන භරණ රන්රැස මට මේකට ආරාධනා කළාම මම ඒක ගොඩක් කැමැත්තෙන් බාරගත්තා.
මම කවදාවත් මේ වගේ චරිතයක් කරලා තිබුණේ නෑ. ඒක ලස්සනට තිබුණා.

දෙවැනි ඉනිමේ දෙව්මිගේ මවට ලැබෙන ප්‍රතිචාර කොහොමද..?
ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. අනූෂා කියන චරිතය සාමාන්‍ය යෙන් නියෝජනය කරන්නේ අවුරුදු 20 ත් 18 ත් අතර දරුවෝ ඉන්න අම්මා කෙනෙකුගේ සිතුම් පැතුම්.
සාමාන්‍යෙයන් ඒ වගේ වයස්වල දරුවෝ ඉන්න අම්මලාගේ මට හොඳ ප්‍රතිචාරයක් ලැබෙනවා.
ඒවා එක්ක මම හිතනවා මම හොදින් මේ රංගනය කරන නිසයි මට ඒ විදිහට ප්‍රතිචාර ලැබෙන්නේ කියලා.

අද නිරුවත යොදාගෙන මියුසික් වීඩියෝ හිට් කරගන්න හුඟක් අය උත්සහ කරනවා.. මේ ගැන මොනවද හිතෙන්නේ..?
ඒකටනම් මම කොහෙත්ම කැමැති නැහැ.
මියුසික් වීඩියෝ කියන්නේ අපි ඉස්සර හැමෝම එකට ඉදගන බලපු දෙයක්.
ඒ මියුසික් වීඩියෝවල ආදරේ ගැන කතා වුණා. විරහව ගැන කතා වුණා. මව්ගුණ ගැන කතා වුණා.
ඒත් අද මේ කිසිදෙයක් නැහැ. බලන්නවත් බැහැ. මම පෞද්ගලිකව, කාන්තාවක් විදිහට අම්මා කෙනෙක් විදිහට නිරුවත පෙන්වන එකට මම කැමති නැහැ.
පොඩ්ඩක්වත් කැමති නැහැ. හොඳ නිර්මාණයක් කරලා මිනිස්සු අතරට යවන්න නිරුවත ඕනේ නෑ. හොඳ වොයිස් එකක් හොඳ පදනමක් තියෙනවානම් මොකටද නිරුවත.
ඉස්සර ගීත තමයි අදටත් මම අහන්නේ. ඒවා ලස්සනයි.. වීඩියෝ නැති වුණත් ඒ ගීත ලස්සනයි.

ආදරේ දැනෙන්නේ කොහොමද..?
හැමෝටම දැනෙන විදිහට තමයි ඉතිං. මමත් සාමාන්‍ය කෙනෙක්නේ.

දුකක් ආවොත් කාටද..?
ගයා ක්‍රිෂානි, බුද්ධිනී ජයවර්ධන තමයි මගේ හොඳම යාළුවෝ. මගේ හොදම යෙහෙළියට තමයි දුකක් ආවම කියන්නේ. ජීවිතේ ඉතිං යහලුවෝ කියන අයත් එක්ක බෙදාගන්න පුළුවන්නේ.. ඒ වගේම දුකක් ආවොත් පවුලේ අයත් එක්කත් ඒ දේවල් බෙදාගන්නවා.

වැඩියෙන්ම දුක්වුණු දවස
මගේ තාත්තා නැති වෙච්ච දවසේ.

මොනවද ඉදිරි බලාපොරොත්තු..?
කාටවත් කරදරයක් නැතිව මගේ පාඩුවේ ජීවත් වෙන්න.
පුංචි පුංචි බලාපොරොත්තු තියෙනවා.
ඒ බලාපොරොත්තු එක්ක ජීවිතේ හරි මාර්ගයේ යන එක තමයි මගේ බලාපොරොත්තුව.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!