Gossip News

ඇමරිකාවට වැරදි ගිය ඉලක්කය

ඉරානයේ හමුදා ප්‍රධානියෙක් ඉලක්ක කර ගනිමින් ඇමරිකාව සිදුකළ රහසිගත මෙහෙයුමක් අසාර්ථකවී ඇති බව විදෙස් වාර්තා අනාවරණය කරයි.

ඉරාකයේ බැග්ඩෑග් හිදී ඉරාන විප්ලවීය හමුදා ප්‍රධානි මේජර් ජනරාල් කාසෙම් සුලේයිමානි ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කළ දිනයේදීම ඇමරිකාව විසින් තවත් ඉරාන හමුදා ප්‍රධානියෙක් ඉලක්ක කර ගනිමින් යේමනයේ දී මෙම මෙහෙයුම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

ඉරාන විප්ලවීය හමුදාවේ කුඩ්ස් රෙජිමේන්තුවේ මුල්‍ය ප්‍රධානි මෙන්ම ප්‍රභල නිලධාරියෙක් වන Abdul Reza Shahlai ඉලක්ක කර ගනිමින් ඇමරිකාව විසින් මෙම ප්‍රහාරය යේමනයේදී දියත් කර ඇත.
කෙසේ වුවත් එම ප්‍රහාරයෙන් ඔහු මියගොස් ඇත්ද යන්න මේ දක්වා සනාථ වී නොමැත.

ඉරාකයේ හා යේමනයේ සිදුකළ යුධ මෙහෙයුම් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලබාදුන් සෘජු අණදිම් මත සිදුවුවක් බවයි පෙන්ටගනයේ ජේෂ්ඨ නිලධාරියෙක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මැද පෙරදිග රැදී සිටින ඇමරිකානු භටයින් ඉලක්ක කර ගනිමින් ඉරානයේ විප්ලවීය හමුදාව විසින් සිදුකරනු ලබන ප්‍රහාර හේතුවෙන් එහි ඉහළ නායකත්වය ඉලක්ක කර ගනිමින් මෙම මෙහෙයුම් සිදු කිරීමට ජනාධිපති ට්‍රම්ප් විසින් අණ ලබා දෙන්නට ඇති බවයි වාර්තා වන්නේ.

යේමනයේදී ඇමරිකාව විසින් ඉලක්ක කරනු ලැබූ Abdul Reza Shahlai ගේ මුල්‍ය කටයුතු සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ලබා දෙන අයෙකුට ඇමරිකානු ඩොලර් මිලියන 15ක ප්‍රදානයක් ලබා දෙන බවට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මිට පෙර නිවේදනය කර සිටියේය.

සිළුමිණ

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!