Gossip

“A හතරක් උසස් පෙළට අරගෙන, පෙරාදේණියට ඔයා යනකොට, ඇඬුවේ මම දුකට නෙමයි සතුටට”

ජීවිතේ සමහර සිදුවීම් අකුරු කරන්න අමාරුයි.
ඒත් ඒ හැඟීම් ලස්සනට ගලපපු අවස්ථාත් අපිට දකින්න ලැබෙනවා.
මේ ඒ විදිහට ලියවුණු සංවේදී සටහනක්..

ප්‍රේමවන්ත්යගේ පරිත්‍යාගය..

හිතුවේ නෑ සුදු මැණිකේ මුණගැහෙයි කියල ආයිත් ……
කවදාවත් මේ විදියට ….
ලසන සාරිය ..වේද නලාව …හරි හැඩයි ඔයාට ……..
තිබුණු ආසාව කවද හරි දවසක ..වෙන්න දොස්තර නෝනා කෙනෙක් ….
මේ විදියෙ ලස්සන …..
ඒ හිනාව ඒ ඇස්දෙක පොඩ්ඩක් මහත් උනාට ….
සුන්දරයි තවමත් සුදු මැණිකේ ….ඉතින් කියන්න ….
කොහොමද ඔයාට ,මහත්තයට එහෙම …….
මතකයි තාම එදා මට කියනකොට ….. අනේ සුදු අයියේ ,
අසයි ඉගන ගන්න…. එත් ,කොයිද අපිට සල්ලි….අප්පච්චිත් අසනීපෙන් .
එකතැන .
හිතුව මම උගන්නනවා ඔයාට …..මගේ ඉගැනීම නවත්තල …….
කවද හරි දවසක මගේම වෙයි ඔය ……ලොකු නෝනා කෙනෙක් උනාම .
O/L සමත් වුණත් අත්හැරිය මම පාසැල …..ගියේ පතල් වැඩට…..ඔයාව 
දොස්තර නෝනා කෙනෙක් කරන්න ……
ඉක්මනටම වෙන රසවක් හොයාගන්න බැරි නිසා .
හිතේ පුදුම සතුටකින් වියදම් කරේ මම ලැබෙන හැම සතයක්ම ඔයාට .
A හතරක් උසස්පෙළට අරගෙන ….පෙරාදේණියට ඔයා යනකොට …
ඇඩුවේ මන් දුකට නෙමයි සතුටට ………
ඔය ගියත් උදේ හවස මන් වැඩකරේ ..ඔයාට සල්ලි යවන්න .
අන්තිම අව්රුද්දෙ පේරාදෙණියෙ …ඔයාගෙන් එන ලියුම් ,
අඩු වෙද්දී ….අවේ මන් ඔයාව බලන්න …
යාලුවෙක් තමයි කිවේ ඔය ගියාලු ගමනක් ..බන්දින්න ඉන්න කෙනත් එක්ක .
දෙන්න ගෙනාපු සල්ලිටික ….යාලුවට දීලා දෙන්න කියල ඔයාට …….
අවේ මන් අපහු …..නොලැබීම වෙන්නැති කියල හිත හදාගෙන .
දරාගන්න බැරි දුක තුරන්කරගන්න හිතාගෙන …ඇබ්බැහි උනා මන් මේ බීමට…
මැරෙන්න බැරි කමට .
අරංචි වුණා මට මාස පහකට පස්සේ …දොස්තර කෙනෙක්ව බැදලා……
ඔය ගිය බව කොළඹ. .
සුදු මැණිකේ දැන් අවුරුදු විස්සක් වෙනවා …දැක්කේ නැ ඔයාව ……..
බන්දින්න කිවුවත් අම්ම මට ….ඔය දීපු රෝසපාට ලේන්සුව ….
ඔයාගේ සුවදත් එක්ක තාම තියනවා මන් ගාව .
අසනීප වුණා මට තුන් මාසේකට කලින් මිට ……
කිවේ ගමේ දොස්තර නරක්වෙලාලු අක්මාව .
මහා ඉස්පිරිතාලේ රත්නපුරේ ..ගෙනාවේ අන්තිමට ….
ගොඩක්ම අමාරු වුණාම
දැන්නම් අමාරුයි ගොඩගන්න ..කිවුවේ, කලින් බලපු දොස්තර …….
එත් එනවලු ලොකු නෝනා කෙනෙක් පිටරට… විභග එහෙම සමත් වුණ….බාරගන්න මේ වාට්ටුව .
හීනෙකින්වත් හිතුවේ නැ මම……. සුදුමැනිකේ ..ඒ ඔය බව .
පිහාදාගන්න ඇස්දෙකේ ඔය කදුළු ……හෝදනැ දැක්කොත් ඔයාට අනිත් අය .
ජාති ජාතිත් තරහ නැ මම ඔයත් එක්ක ……..
ගොඩක්ම සතුටුයි …මැරෙන්න දවසකට කලින් හරි …මගේ හීනය ..
මට දකින්න ලැබුන එක .
පොඩ්ඩක් හිනා වෙන්න එකපාරක් එදාවගේම ……
මැරෙන්න පුළුවන් සතුටින්……දැන් මට

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!