මිතුරන් අතර ඇතිවූ බහින්බස් වීමකට මැදිවූ 12 හැවිරිදි දැරියක් පිහි ඇනුමකින් මියයෑමේ පුවතක් බ්‍රිතාන්‍යයෙන් වාර්තා වුණා.
පොලීසිය පැවසුවේ පාසල් දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් පිරිමි ළමුන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගත් බවයි.
පොලීසිය පවසා ඇත්තේ 12 හැවිරිදි ඒවා වයිට් “බරපතළ” තුවාල සහිතව ලිවර්පූල් හි සාප්පු සංකිර්ණයකදී මියගිය බවයි.
බරපතළ තුවාල සහිතව වැටී සිටි ඒවා ට සිද්ධිය වූ ස්ථානයේ සිටි අයෙක් ප්‍රථමාධාර ලබාදුන්නද ඇය සුළු වේලාවකට පසුව මරණයට පත්වී තිබුණා.
වයස අවුරුදු 13, 14 (02) සහ 15 ක් වූ පිරිමි ළමුන් සිව් දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගැනුණා.