Gossip

කළුතර චිකාගෝවක් කරමින් පොලීසියට වෙඩිතැබූ පාතාලයා මැරුණේ මෙහෙමයි

මනුෂ්‍ය ඝාතන හා අපරාධ ගණනාවකට සම්බන්ධ බව කියන පාතාල කල්ලි සාමාජිකයෙකු අද (26) අලුයම පොලීසිය සමඟ සිදුවූ වෙඩි හුවමාරුවකින් ජීවිතක්ෂයට පත්වුණා.

කළුතර උතුර දියගමදී එම වෙඩි හුවමාරුව සිදුවී තිබෙනවා.

එලෙස ජීවිතක්ෂයට පත්වී තිබුණේ පොලිස් අත්අඩංගුවේ පසුවූ හේවා ලුණුවිලගේ ලසන්ත නොහොත් ටින්කර් ලසන්ත නැමැත්තායි.

ඔහු මෑතකදී සිදුවූ ආන්දෝලනාත්මක ඝාතන සිද්ධියක ද ප්‍රධාන සැකකරුවෙකි.

සන්ෂයින් සුද්දා ඝාතනයේ ප්‍රධාන සැකකරු වන්නේ ඔහුයි.

ඔහු සතුව තිබු පිස්තෝලයක් සහ අත්බොම්බයක් සොයාගැනීමට යාමේදි සැකකරු එම පිස්තෝලයෙන් පොලීසියට වෙඩිතබා තිබුණා.

එහිදී පොලීසිය එල්ල කළ ප්‍රතිප්‍රහාරවලින් අදාළ සැකකරු මියගියා.

කළුතර කොට්ඨාස අපරාධ අංශයේ නිළධාරීන් දෙදෙනෙකු ද සිද්ධියෙන් තුවාල ලැබුවා.

ලසන්ත නමැත්තා මාතර ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ
අතර ඔහු මිනීමැරුම් ඇතුළු අපරාධ 13කට සම්බන්ධ වූවකු බව පොලීසිය පවසයි.

සැකකරු සන්සයින් සුද්දාට වෙඩි තැබීමට යොදාගත් ගිනිඅවිය කළුතර උතුර දියගම ප්‍රදේශයේ සඟවා තබා ඇති බවට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව එය සොයා ගැනීම සඳහා පොලීසිය විසින් සැකකරුව එලෙස රැගෙන ගොස් තිබුණා.

මීට පෙරද සඟවා තිබූ ආයුධ පෙන්වීම සඳහා ගිය සැකකරුවන් විසින් පොලීසියට එම ආයුධවලින් ප්‍රහාර එල්ල කිරීමට ගත් උත්සාහයන්වලදී පොලිස් වෙඩි පහරින් මියගොස් තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!