අංගොඩ ලොක්කා පසුගියදා ඉන්දියාවේදී ඝාතනයවීමත් සමග ඔහුගේ දේපළ බෙදාගැනීම වෙනුවෙන් මේ වනවිට පාතාල කල්ලි දෙපිරිසක් අතර දැඩි ගැටුමක් හටගෙන තිබෙනවා.
අංගොඩ ලොක්කා ඝාතනයවීමත් සමග ඔහුගේ මත්කුඩු ජාලය අතට ගත් හරක් කටා දැන් අංගොඩ ලොක්කාගේ දේපළ ඉල්ලමින් දිගින් දිගටම තර්ජන කරමින් සිටිනවා.
ඊයේ (26) උදෑසන 6.30ට පමණ අංගොඩ දෙල්ගහවත්ත ප්‍රදේශයේ සිය නිවසේදීම ඝාතනය වී තිබුණේ ද එහි ගොදුරක් බවට පත්වී සිටි කන්තිරිගේ නුවන් මිලින්ද නැමැති 42 හැවිරිදි පුද්ගලයෙක්.
එම වෙඩිතැබීම සිදුකර තිබුණේ වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් පොලීසියෙන් බව කියමින් නිවසටම ගොස් දොර විවෘත කරමින්.
ඔහු අංගොඩ ලොක්කා ගේ මූල්‍ය කටයුතු මෙහෙයවූ ප්‍රධාන ගෝලයෙක්.
අංගොඩ ලොක්කාගේ ඝාතනයෙන් දින 3කට පසු මිලින්දගේ නිවසට පැමිණ ඇති හරක් කටාගේ ගෝලයින් දේපළ හරක් කටා ට ලබාදෙන ලෙස තර්ජනය කර ගොස් තිබුණා.
අවස්ථා කිහිපයකදී මිලින්ද ට තර්ජනය කර තිබුණත් ඔහු ඊට අවනත නොවීම හේතුවෙන් ඔහුව ඉවත් කළ යුතු බවට හරක් කටා සිය ගෝලයින්ට උපදෙස් දී තිබූ බව අනාවරණය වී තිබෙනවා.
එම අවස්ථාවේදී ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ මස්සිනා පිස්තෝලකරුවන් සමග පොර බැදීමත් සමග සැකකරුවන් පළාගොස් තිබුණේ ඔහුගේ කටට ද වෙඩි තබමින්.
මෙම තර්ජන නිසා මිලින්ද අංගොඩ ලොක්කාගේ ඝාතනයේ චෝදනා එල්ල වී ඇති රත්තරංගේ බිරිඳගේ සොහොයුරා වූ ඉතාලි චමින්ද වෙත සමීපවීමට කටයුතු කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන්ද හරක් කටා උරන වී සිටි බව වාර්තා වුණා.
හරක් කටා ඩුබායි සිට ඇරඹි ප්‍රතිවිරුද්ධ කල්ලි ඝාතනය කිරීමේ රැල්ලේ මුල්ම ඉලක්කය වී තිබුණේ වැලිගම සන්ෂයින් සුද්දායි.
එම ඝාතනය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් මිදිගම ලසන්තව අත්අඩංගුවට ගත් අතර එහිදී නුවන් මිලින්ද ඝාතන තැත පිළිබඳවද තොරතුරු අනාවරණය වී තිබෙනවා.
ඒ අනුව මියගිය මිලින්දට ප්‍රතිවිරුද්ධ කල්ලිවලින් ඇති තර්ජන ගැන පෙර සිටම අනතුරු ඇඟවීමට ද කටයුුතු විමර්ශන නිලධාරීන් කටයුතු කර ඇති බවද වාර්තා වුණා.
වැඩිදුරටත් වාර්තා වෙන්නේ ඩුබායි සිටින හරක් කටා මෙම ඝාතනය සඳහා ද යොදාගෙන ඇත්තේ තමන් සතුව සිටින විශ්වාසවන්තම වෙඩික්කරුවෙක්වය.
