දකුණු පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය විසින් ලද තොරතුරකට අනුව හික්කඩුව ප්‍රදේශයේ පැවති නිතී විරෝධී ෆේස්බුක් සාදයක් වටලා එය සංවිධානය කළ පුද්ගලයා සමඟ රුපියල් ලක්ෂ 5 ක් පමණ වටිනා විදේශීය මත්පැන් ලීටර් 60 කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව එම ඒකකය පවසයි.
අත්අඩංගුවට පත්ව ඇත්තේ හික්කඩුව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයකු වන අතර සැකකරු ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. අදාළ සැකකරු සමාජ ජාලා මාධ්‍ය උපයෝගී කරගෙන මෙම සාදය සංවිධානය කර ඇති බවත් එම ඒකකය පවසයි.