ගාල්ල නගරයේ ප්‍රධාන පාසල් දෙකක අධ්‍යාපන ලබන දරුවන් දෙදෙනෙකු ද කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
සෞඛ්‍ය අංශ සදහන් කළේ එම සිසුවා සහ සිසුවිය එකම පවුලේ දරුවන් දෙදෙනෙකු බවයි.
මෙම දරුවන්ගේ පියා සහ මව ගාල්ල ප්‍රදේශයේ රජයේ කාර්යාලයක සේවය කරන අතර, ඔවුන් අද (03) උදෑසන ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂයකට සහභාගි වී ඇත.
එහි ප්‍රතිඵල වලින් අනාවරණය වී ඇත්තේ ඔවුන්ට කොවිඩ් ආසාදනය වී ඇති බවයි.
ඒ අනුව ඔවුන්ගේ දරුවන් ඉගෙනුම ලබන පාසල් වලට ගොස් ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ සිදුකර ඇති අතර, එහිදී තහවුරු වී ඇත්තේ දරුවන්ට ද කොරෝනා වැළදී ඇති බවයි.
එම සිසුවා ගාල්ල නගරයේ ප්‍රධාන පිරිමි විදුහලක 5වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර, අනෙකු සිසුවිය 8වන ශ්‍රේණියේ ඉගෙනු ලබයි.
මෙම දරුවන් දෙදෙනා අද පාසල්ට පැමිණ සිටියදී කොරෝන ආසාදිත බව තහවුරු වී ඇත.