2021 වසරේදී ලොව මහා විනාශයක් සිදුවන බව බල්ගේරියානු අනාවැකි කියන්නියක් වූ බබා වන්ගා ප්‍රකාශ කර තිබේ.
1985 දී මියගිය බබා වන්ගා ඉදිරි වර්ෂ රැසක් තුළ ලොව සිදුවීම් හෙළිකර තිබුණි. සුනාමිය සහ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ගැනද ඇය කල්තියා අනාවරණය කර ඇත. ඇය තවදුරටත් දක්වා ඇත්තේ 2021 දී විපත් රැසකට මුහුණ දීමට ලෝක ජනතාවට සිදුවන බවයි. බබා වන්ගා පසුගිය කාලය තුළ පැවසූ අනාවැකි විශාල සංඛ්‍යාවක් සනාථ වී තිබේ. ඒ අතර රුසියානු ජනපති පූටින් මුහුණපාන අර්බුදයක් ගැනද ඇය හෙළිකර ඇත.
