කොරෝනා වෛරසය මර්දනය සදහා දේශීය ඖෂධය නිෂ්පාදනය කරන ලද කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාට එම නිෂ්පාන කටයුතු සදහා මහා පරිමාණ ඇඹරුම් යන්ත්‍රයක් කර්මාන්ත අමාත්‍යශංය විසින් ලබා දී තිබේ.
කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මැදිහත්වීමෙන් මෙම යන්ත්‍රය ධම්මික බණ්ඩාර මහතාගේ නිවසේ සවි කරන ලද්දේ කර්මාන්ත හා ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් විසිනි.
තාක්ෂණික උපකරණ නොමැති වීම හේතුවෙන් තමන් ඖෂධ නිෂ්පාදනයේදී ගැටලු රැසකට මුහුණ දී සිටි බවද ඔහු පැවසීය.
