වෛද්‍යවරුන් ,හෙද නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 50කට ආසන්න පිරිසකට කොවිඩ් ආසාදිත බැව් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරනවා.
තවද සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල 300 කට ආසන්න පිරිසක් මේ වන විට නිරෝධායනයට යොමුකර ඇති බවත් ඔහු සඳහන් කරනවා.
කොළඹ ජාතික රෝහල, කලුබෝවිල රෝහල සහ තවත් රෝහල් කිහිපයකින් මෙම ආසාදිතයන් හමුවී ඇත. සෞඛ්‍ය අංශයේ සේවකයන්ගේ ආරක්ෂාව තහවුරු කරමින් වසංගතය මර්ධනය කිරීමට ආණ්ඩුව වහාම පියවර ගත යුතුව ඇතැයි ද ඔහු පෙන්වා දෙනු ලබනවා.
