Gossip News

බීමතින් නාගයෙකුට හාදු දීමට ගිය පුද්ගයයෙකු ජීවිතක්ෂයට

යාපනය, වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදී පසුගිය 29 වැනිදා රාත්‍රියේ බීමතින් නයෙකු අල්ලා නයාට හාදු දීමට ගිය පුද්ගලයකු නයා පහරදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව යාපනය වැල්වැටිතුරෙයි පොලිසිය පවසයි.

මියගිය පුද්ගලයා බීමතින් සිටි අවස්ථාවක ගෙවත්තට නයෙකු පැමිණ ඇති අතර, එම පුද්ගලයා නයා අල්ලාගෙන නයාට හාදුදීමට ගොස් ඇති බව අසල්වාසීහු කියති. මියගිය පුද්ගලයා නයා අල්ලා විවිධ ක්‍රියාකාරකම් සිදුකොට අනතුරුව නයා කැලෑවට විසිකොට නිදා ගැනීමට ගොස් ඇති බවත් ඒ අවස්ථාවේ ශරීරයේ වේදනාවක් හටගැනීමෙන් අනතුරුව පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කළ බවත් සිද්ධිය දුටුවෝ පවසති. රෝහල්ගත කිරීමෙන් අනතුරුව එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති අතර සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂ​ණයේදී නයා පහරදීමෙන් හටගත් නයි විෂ හේතුවෙන් මරණය සිදුව ඇති බවට අනාවරණය වී තිබේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!