කොරෝනා වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ මේ වන විට ශ්‍රී ලංකාව තුල කොරෝනා රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට රෝහල් 19ක් ඇති බවයි.
එම රෝහල් 19 තුල රෝගීන් 2,075ක් සඳහා ඉඩ පහසුකම් තිබුනද, මේ වනවිට ඉන් 2,026ක් සම්පුර්ණ වී ඇති බව එහි වැඩිදුරටත් සඳහන් වනවා.
ඒ හේතුවෙන් තවත් රෝගීන් 49 දෙනෙකුට පමණක් ඉඩ පහසුකම් ඇති බවයි එම නිවේදනයෙන් සඳහන් කරන්නේ.
කොළඹ IDH රෝහලේ ධාරීතාවය 120ක් වුවද මේ වනවිට එහි රෝගීන් 200ක් සිටින බවද වාර්තා වනවා.
