Gossip News

අත්‍යවශ්‍ය කටයුත්තකට හැර හොරණට එන්න එපා

හොරණ, කඳන්හේන පදිංචි කොරෝනා ආසාදිතයා පැමිණි බවට තොරතුරු හෙළිවූ හොරණ, කඳන්හේන ශ‍්‍රී නන්දාරාම විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේලා සියල්ලම එම විහාරස්ථානය තුළම ස්වයං නිරෝධායනයට ලක්කිරීමට මේ වනවිට කටයුතු කර තිබේ.

එසේම එම ආසාදිතයින් පැමිණි බවට සොයාගත් හොරණ නගරයේ වෙළෙඳසැල් දෙකක් වසා දැමීමටද සෞඛ්‍ය අංශ ඊයේ (07 දා) පියවර ගෙන ඇති අතර, එසේ වසාදමා ඇත්තේ ලී බඩු වෙළෙඳ සැළක් සහ මූල්‍ය ආයතනයකි. අත්‍යවශ්‍යම කටයුත්තකට හැරෙන්නට හොරණ නගරයට පැමිණීමෙන් සහ නගරය ආශ‍්‍රිත වෙළෙඳසැල්වල සැරිසැරීමෙන් වළකින ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර, හොරණ ප‍්‍රදේශය ආශ‍්‍රිත පුද්ගලයින් 59  දෙනෙකුගේ පීසීආර් පරීක්ෂණ ඊයේ (07 දා) අඟුරුවාතොට මහජන ක‍්‍රීඩාංගණයේදී සිදුකර තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!