බාලවයස්කාර නව හැවිරිදි දැරිය අපයෝජනය කළ බව කියන තිදරු පියකු නොච්චියාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 37 හැවිරිදි තිදරු පියෙකි.
දැරිය සිය මව සමග නිවසක පැවති දානමය පිංකමකට සහභාගි වීමට ගොස් එම නිවස ආසන්නයේ පිහිටි ළදරු පාසලක සෙල්ලම් කරමින් සිටියදී සැකකරු විසින් මෙම දැරිය අපයෝජනය කර ඇති බව පොලිසිය කියයි. බියට පත්වූ දැරිය හඬා වැළපෙමින් සිද්ධිය සිය මවට පවසා තිබේ. පසුව පිංකම් ගෙදරට
සහභාගි වූ පුද්ගලයන් විසින් සැකකරුට හොඳ හැටි පහරදී පොලිසියට භාරදී තිබිණ. සැකකරු මාතලේ සිට පිංකම් ගෙදර පැමිණි අයකු බවද පොලිසිය පැවසීය.