Gossip

සමාජ මාධ්‍යවල වැරදි තොරතුරු නිසා කොරෝනාවට රසායනික දියර බීලා… ලොව පුරා 800 ක් මැරිලා.. 5800ක් රෝහල්වල

මෙම වසරේ මුල් මාස තුන තුළදී කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලයන් ඔස්සේ ප‍්‍රචාරය වූ වැරදි තොරතුරු විශ්වාස කරමින් විවිධ රසායනික ද්‍රව්‍ය පානය කිරීම නිසා ලොව පුරා 5800 ක් රෝහල්ගත කර ඇති අතර 800 ක් පමණ මියගොස් ඇති බව ඇමරිකානු සඟරාවක පළ කර ඇති නවතම අධ්‍යයනයක වාර්තාවේ දැක්වේ.

‘ඇමරිකන් ජර්නල් ඔෆ් ට්‍රොපිකල් මෙඩිසින් ඇන්ඞ් හයිජින් ’සඟරාවේ සඳහන් කර ඇති මෙම අධ්‍යයන වාර්තාවට අනුව මෙසේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප‍්‍රචාරය වූ වැරදි තොරතුරු හේතුවෙන් ‘මෙතනොල් ’ රසායනිකය හා ඇල්කොහොල් අඩංගු විෂබීජනාශක වර්ග පානය කිරීමෙන් වැඩි දෙනකු මිය ගොස් තිබේ. මෙසේ විෂබීජනාශක දියර පානය කිරීමෙන් මිය ගොස් ඇති පිරිස ඒවා පානය කිරීමෙන් කොරෝනා වෛරස් ආසාදනය සුව වන බවට විශ්වාස කර ඇතැයි අනාවරණය වී තිබේ.

සමාජ මාධ්‍ය ජාලවල වැරදි වෛද්‍ය තොරතුරු ප‍්‍රචාරණය වීම හේතුවෙන් කොරෝනා ආසාදනය වැළැක්වීම සඳහා ඉතා විශාල වශයෙන් සුදු ලූනු අනුභවය කිරීම, විශාල වශයෙන් විටමින් ලබා ගැනීම හා ගව මුත‍්‍රා පානය කිරීමට ලොව පුරා ජනතාව යොමු වී ඇති බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර තිබේ. ජාත්‍යන්තර සංවිධාන, රජයන් හා සමාජ මාධ්‍ය ජාලවල වගකීම වනුයේ ජනතාව අතර කොරෝනා ආසාදනය පිළිබඳ වැරදි තොරතුරු පැතිරවීම වැළැක්වීම සඳහා දැවැන්ත කාර්ය භාරයක් ඉටු කිරීම බව එම අධ්‍යයන වාර්තාවෙන් අවධාරණය කර තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!