චමීර ලියනගේ නම් ඔහු මේ පසු කරන්නේ සිය රංගන දිවියේ තවත් එක් වසන්ත සෘතුවක්. මේ දවස්වල රසිකයන් අතර ජනප්‍රියම ටෙලි සිත්තම වන රාවණ ටෙලි නාට්‍යයේ කාලනේමි චරිතයෙන් ඔබේ ආලින්දයට එන චමීර සතිඅන්ත පුවත්පතකට ඔහුගේ අලුත්ම විස්තර මේ විදිහට කියලා තිබුණා.
කොරෝනා තත්ත්වය අමතක කරලා එක දිගටම වැඩ නේද?
කොරෝනා තත්ත්වය රටේ වැඩියෙන්ම පැතිරුණ දවස්වල තමයි රන්තිලිවැව රූගත කිරීම් කළේ.
මං මැරෙන්න බය නැහැ. නමුත් මට වාහකයෙක් වෙන්න නම් බැහැ. ඒ නිසා මම උපරිම ආරක්ෂා වෙලා නිර්මාණයටත් සාධාරණයක් කරන්න උත්සාහ කරනවා.
මෑතකදී චමීර රඟපෑ චරිත අතරින් සිත්ගත් චරිතය මොකක්ද?
වෙස් ටෙලි නාට්‍යයේ රමේෂ්ට ආසයි. ඒ වගේම රාවණ ටෙලි නාට්‍යයේ කාලමේඝටත් කැමැතියි.
චමීර රංගනයට නොආවා නම්?
බොහෝ විට ඉංජිනේරු ක්ෂේත්‍රයේ රැකියාවක් කරයි. මොකද මම නළුවෙක් වෙන්න කලින් ඉදිකිරීම් ආයතනයක වැඩ කළා.
හෙට මේ ක්ෂේත්‍රයේ වැඩ නැති වුණොත් තෝරාගන්න ක්ෂේත්‍රය මොකක්ද?
එහෙම නොවෙන්න තමයි අද වෙහෙසිලා වැඩ කරන්නේ. මං කරන සුළු හෝ මොනම චරිතයට වුණත් උපරිම සාධාරණයක් ඉටු කරනව නම් තමන්ට හැමදාම මේකෙ රැඳිලා ඉන්න පුළුවන් කියල විශ්වාසයක් මට තියෙනවා.
චමීර තිරයේ දී වැඩියෙන් පෙම් කළේ කාටද?
ශලනි තාරකා, අනුරාධා එදිරිසිංහ යන ශිල්පිනියන් දෙදෙනා එක්ක තමයි මට වැඩියෙන් පෙම් චරිත රඟපාන්න ලැබිල තියෙන්නේ..
මෑත කාලයේ රඟපාද්දි හොඳම සහායක් දුන්නෙ කව්ද?
මම මේ ළඟදි බිමල් ජයකොඩි අයියා එක්ක රඟපෑවා. ඒ අත්දැකීමට මම හරිම ආසයි. එයාගෙන් ලැබෙන සහායත් එකක් අපිට අපේ චරිතය ඉබේටම රඟපෑවෙනවා.
චමීර බොහොම වේගයෙන් ඉදිරියට යමින් සිටිනවා වගෙයි?
නැහැ අවුරුදු 12ක් තිස්සෙයි මම මේ ගමන එන්නේ.
දර්ශන තලයට ගිහින් හිස් අතින් ආපහු හැරිල ආපු තැනුත් ඒ අතීතයේ තියෙනවද?
එහෙම වෙලා නැහැ. මම මුලින් කළේ සොයා ගිය එකයි. මහේන්ද්‍ර පෙරේරා අය්යගෙ වැඩමුළුවලට, අනෝජා වීරසිංහ මහත්මියගේ අභින වැඩමුළුවට ගිහින් ඉගෙන ගත්තා. එහෙම ඉගෙන ගනිද්දි මට චරිතයක් නිරූපණය කිරීමේ හැකියාව තියෙනව කියලා මම අවබෝධ කරගත්තා. දුෂ්කරතා මැදින් මම ම යා යුතු මාවත සොයාගත්තා.
පොරොන්දු වූ මුදල් නොලැබී ගිය අවස්ථා තියෙනවද?
මට නම් පොලු වැදිලා නැහැ. මිනිස්සු වැඩක් භාරගන්නේ සැලසුම් කරලා. එහෙම පොරොන්දු වෙලා වැඩක් කරලා ඒ සල්ලි නොලැබුණහම දුකක් ඇතිවෙනවා. නමුත් මම කරපු හැම නාට්‍යයකම මට සල්ලි වෙලාවට ලැබුණා. ඇත්තටම වැඩක් කරද්දි මම ඉස්සරහට දාන්නෙ සල්ලි නෙවෙයි.
කවුරුහරි මට කිව්වොත් මල්ලි සල්ලි දෙන්නම් මේ වැඩේ කරගෙන යමු කියලා මම ඒ විදිහට ඕන තරම් වැඩ කරලා තියෙනව. ඒ මුදල් ලැබිලත් තියෙනවා.
නිළියකට පෙම් කරන්න හිතක් පහළ වෙන්නෙ නැද්ද?
එහෙම හිතෙන්නෙ නැහැ. ඒ ගැන හිතනවට වඩා මගේ ඉදිරි ගමන ගැන මම හිතනවා.
ඇයි ආදරය එක්ක අමනාප වෙලාද?
මම ආදරය කරලා තියෙනවා. ආදරයෙන් පැරදිලා තියෙනවා. මේ කාලයේ ආදරයක් ගැන හිතනවට වඩා ජීවිතයට මීට වඩා දෙයක් එකතු කරගෙන පස්සෙ ආදරය කරන එක හොඳයි කියලා හිතෙනවා.
ධම්මිකා සුරංජි පතිරණ
අරුණ පුවත්පත