Gossip

පාතාල නායක ආමි සම්පත්ගේ කැරැට්ටුව පොලිසියෙන් සහ අධිකරණයෙන් අතුරුදන් වුණේ අදෘෂ්‍යමාන බලයකින්ද..?

ආමි සම්පත් නමැති පාතාල නායකයා විසින් සිදු කළ බව කියන මිනිස් ඝාතන දෙකකට අදාළ නඩු ගොනු සහ පොලිස් වාර්තා සියල්ල ග‍්‍රෑන්ඞ්පාස් පොලිසියෙන් සහ අධිකරණයෙන් අතුරුදන්වීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ආමි සම්පත් සිදු කළ බව කියන මිනීමැරුම් දෙකකට අදාළ නඩු වාර්තා අලූත්කඬේ අධිකරණයෙන් අතුරුදන්වීම සම්බන්ධයෙන් කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවියගේ අධීක්‍ෂණය යටතේ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මෙම මිනීමැරුම් දෙකට අදාළ සියලූ විමර්ශන වාර්තා නඩු ගොනු ග‍්‍රෑන්ඞ්පාස් පොලිසියෙන් අතුරුදන්වීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මූලිකත්වයෙන් වෙනම විමර්ශනයක් ක්‍රියාත්මක වී ඇත.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කියා සිටියේ මෙම මිනීමැරුම්වලට අදාළ නඩු වාර්තා සහ විමර්ශන වාර්තා කිසියම් නිලධාරීන් පිරිසක් විසින් මුදලට අස්ථානගත කිරීමට කටයුතු කරන්නට ඇති බවයි.

මිනීමැරුම් දෙකට අදාළ පොලිස් වාර්තා සහ නඩු වාර්තා අස්ථානගත වීම නිසා මේ සම්බන්ධයෙන් වසර ගණනක් තිස්සේ නඩු විභාග වී නොමැති බව ද විමර්ශනවලින් හෙළිවී ඇත.

මීට සති කිහිපයකට උඩදී ආමි සම්පත් වැල්ලම්පිිිටිය පොලිසියට කොටුවූ අතර ඔහුට එරෙහිව ඇති අපරාධ සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමේදී මෙම මිනීමැරුම් දෙක පිළිබඳව ද කිසිදු තොරතුරක් ලැබී නොමැත.

මේ හේතුව නිසා ආමි සම්පත් මුදා හැරීමට පොලිසියට සිදු විය. මෙම නඩු ගොනු සහ පොලිස් පරීක්‍ෂණ වාර්තා කිසියම් පොලිස් නිලධාරීන් පිරිසක් විසින් අස්ථානගත කරන්නට ඇති බවට සැක පහළ කරයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!