2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සම්බන්ධයෙන් ක්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකය වෙත පැය 06 කට ආසන්න කාලයක් හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ හිටපු තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව ඊයේ(31) රාත්‍රියේ ක්‍රීඩා අමාත්‍යාංශයෙන් පිටව ගියා.
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ආරම්භක පිතිකරුවෙකු වන උපුල් තරංග ක්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකය වෙත අද කැඳවා තිබෙනවා.
2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකාව අවසන් මහ තරගය පාවාදුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළා.
සිය අනුමැතියකින් තොරව 2011 ලෝක කුසලාන අවසන් මහා තරගය සඳහා ක්‍රීඩකයින් සිව්දෙනෙකු කැඳවූ බවට හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා ඉකුත් දා ප්‍රකාශ කර තිබුණා.
