කොවිඞ් 19 වසන්ගතය හේතුවෙන් රටවල් වසා තිබු කාලසීමාවේදී ලොව වැඩිම ආදායමක් ඉපැයූ ක්‍රීඩකයින් 10 දෙනා අතරට ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි එක්ව සිටිනවා. එම ක්‍රීඩකයින් 10 දෙනා අතර සිටින එකක ක්‍රිකට් ක්‍රීඩකයා වන්නේද විරාත් කෝලියි.
මෙලෙස රටවල් වසා තිබූ කාලසීමාවේදී ක්‍රීඩා තරගාවලි රැසක් කල් දැමීමට පියවර ගැණුනා. එසේ තිබියදී විරාත් කෝලි වාර්තාගත ආදායමක් උපයා ගෙන තිබෙන්නේ ඉන්සටර්ග්රෑම් සමාජ මාධ්‍ය හරහායි.
ඉන්ස්ටර් යනු මේ වන විට ලොව පුරා ඉතා ජනප්‍රිය සමාජ මාධ්‍යක් වන අතර ජාත්‍යන්තර තලයේ ජාත්‍යන්තර ක්‍රීඩා තරු රැසක් එහි ක්‍රියාකාරිව සිටිනවා.
ඒ අනුව එවැනි ජනප්‍රිය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිනුම් උපයෝගි කර ගනිමින් සිය සන්නාමයන් ජනතාව අතරට ගෙන යාමට බොහෝ ව්‍යාපාරික ආයතන පෙලබී සිටින බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
මේ සදහා ව්‍යාපාරික ආයතන අදාළ ගෙවීම් කරන ලද විගස ක්‍රීඩා තරු සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම ඔස්සේ පෝස්ට් එකක් ලෙස එය සටහන් කිරීම ද සිදු වනවා. රටවල් වසා තිබු කාලසීමාවේදී ලොව වැඩිම ආදායමක් ඉපැයූ ක්‍රීඩකයින් 10 දෙනා තොරා ගෙන ඇත්තේද ඒ අනුවයි.
මාර්තු 12 වනදා සිට මැයි 14 වනදා දක්වා කාලයේදී විරාත් කෝලි වෙළෙද දැන්වීම් හරහා උපයා ගෙන ඇති මුදල ස්ටර්ලින් පවුම් තුන් ලක්ෂ හැත්තෑ නවදහස් 294ක්. එහි වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 9කට ආසන්නයි. අදාල කාලසීමාවේදී විරාත් කෝලි ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ සටහන් කළ පෝස්ට් 3ක් වෙනුවෙන් මෙම මුදල ඔහුට හිමිවී තිබෙනවා.
කෙසේවෙතත්රටවල් වසා තිබු කාලසීමාවේදී වැඩිම ආදායමක් උපයා ගත් ක්‍රීඩකයින් දසදෙනා අතර විරාත් කෝලි පසුවන්නේ 6 වන ස්ථානයේයි.
පෘතුගාලයේ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ එහි අංක 01 ස්ථානයේ පසුවනවා. ඔහු උපයාගෙන ඇති මුදල ස්ටර්ලින් පවුම් මිලියන 1.8ක්. ආර්ජන්ටිනාවේ සුපිරි පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී ස්ටර්ලින් පවුම් මිලියන 1.2 උපයා ගනිමින් එහි දෙවන ස්ථානයේ පසුවනවා.
