Gossip

බ්‍රේක් එක වෙනුවට ඇක්සලේටරය පෑගිලා – කහ ඉරේදී විජේරත්න වරකාගොඩගේ රියේ හැපුණු මව

කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහල ඉදිරිපිට පදික මාරුවේදී ප‍්‍රවීණ රංගන ශිල්පී විජේරත්න වරකාගොඩ මහතාගේ මෝටර් රථයට සය හැවිරිදි දැරියක් සහ මවක් (40) යටවී තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි කොහුවල පොලිසිය පවසයි.

19 වැනිදා සිදුවූ අනතුරින් දැරියගේ පාදවලට හානි සිදුවී ඇතැයි කළුබෝවිල රෝහල් පොලිසියේ නිලධාරියෙක් ඊයේ (21 වැනිදා) පැවැසීය.

අනතුරින් තුවාල ලැබූ මව හා දියණිය හදිසි අනතුරු අංශයෙන් 24 වාට්ටුවට මාරු කර ඇත.

මෙම අනතුරට මුහුණ පා ඇත්තේ මීගොඩ, පාසල් මාවතේ පදිංචි මවක හා දියණියකි.

දියණියගේ අසනීපයට ප‍්‍රතිකාර ලබාගෙන නැවත නිවෙස බලා යාමට රෝහල් ඉදිරිපිට පදික මාරවෙන් මාරුවෙද්දී ඔවුන් මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ පා තිබේ.

අනතුර සිදුවීමත් සමඟ එම ස්ථානයට පිරිස ඒකරාශීවීමත් සමඟ උණුසුම් තත්ත්වයක් හටගත් බවත්, පසුව පොලිසිය පැමිණ ප‍්‍රවීණ රංගන ශිල්පී විජේරත්න වරකාගොඩ මහතා පොලිස් අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.

මෙම මව හා දියණිය රෝහල ඉදිරිපිට පදික මාරුවෙන් තවත් පිරිසක් සමඟ පාර මාරුවෙන්නට පටන් ගෙන ඇත. ඒ අවස්ථාවේ වාහන නවත්වාගෙන සිට ඇත. එලෙස නවත්වාගෙන සිටි ප‍්‍රවීණ රංගන ශිල්පී විජේරත්න

වරකාගොඩ මහතාගේ රථය එක්වරම ඉදිරියට ඇදෙන්නට පටන්ගෙන තිබේ. එහිදී මෙම මව හා දියණිය රථයේ ගැටී ඇත. මව රථයේ වැදී විසිවී වැටී තිබේ. දියණිය රථයට යටවී සිට ඇත. එහිදී එම ස්ථානයට රැස්වූ පිරිස් මෝටර් රථයට යට වී සිටි දැරිය හා විසිවී වැටී සිටි මව රෝහල් ගතකිරීමට පියවර ගත්හ.

ප‍්‍රවීණ රංගන ශිල්පී විජේරත්න වරකාගොඩ මහතාට රථයේ බ්රේක් වෙනුවට ඇක්සලේටරය පෑගී රථය ඉදිරියට ධාවනය වී අනතුර සිදුව ඇතැයි හෙළිවූ බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් විජේරත්න වරකාගොඩ මහතා  නුගේගොඩ මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබේ.

ඔහුගේ රියදුරු බලපත‍්‍රයද අධිකරණයෙන් අත්හිටුවා ඇතැයිද පොලිසිය කියයි.

මේ පිළිබඳව කොහුවල පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදු කරයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!