Gossip News

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ 65 ඉක්මවයි

ලොව පුරා කොරෝන් වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 6,585,506 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට ලොව පුරා වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 388,244ක් වේ.

වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් ඇමෙරිකාවෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 1,902,031ක්.

එරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 109,146ක්.

ඇමෙරිකාවට පසුව වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් බ්‍රසීලයෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 584,562ක්.

බ්‍රසීලයට පසුව රුසියාවෙන් ආසාදිතයින් 441,108ක්, ස්පාඤ්ඤයෙන් ආසාදිතයින් 287,406ක්, බ්‍රිතාන්‍යයෙන් ආසාදිතයින් 279,856ක්, ඉතාලියෙන් ආසාදියින් 233,836ක්, ඉන්දියාවෙන් ආසාදිතයින් 217,187ක් සහ ජර්මනියෙන් ආසාදිතයින් 184,425ක් වාර්තා වේ.

ඇමෙරිකාවට පසුව වැඩිම මරණ සංඛ්‍යාවක් බ්‍රිතාන්‍යයෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 39,728ක්.

ඊට අමතරව ඉතාලියෙන් මරණ 33,601ක්, බ්‍රසීලයෙන් මරණ 32,568ක්, ප්‍රංශයෙන් මරණ 29,021ක් සහ ස්පාඤ්ඤයෙන් මරණ 27,128ක් වාර්තාවේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!