Gossip News

සොයිසාපුර හෝටලයට වෙඩි තැබූ අංජුගේ කල්ලියේ තවත් අයෙක් මාට්ටු

මොරටුව ප‍්‍රදේශයේ ආපන ශාලාවකට වෙඩි තබා ප‍්‍රහාර එල්ලකිරීමේ සිද්ධියට  සම්බන්ධ අංජු නමැති පාතාල නායකයාගේ කල්ලියේ තවත් ප‍්‍රබලයකු පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් පෙරේදා (02 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු රත්මලාන මහා පහන්කූඩුව නිර්මාණය කිරීමේ මූලිකත්වය ගෙන කටයුතු කරන පුද්ගලයා බව විමර්ශනවලින් හෙළිවී තිබේ.

පාතාල නායක අංජුගේ ඥාතියකු බව කියන මෙම සැකකරු මොරටුව සොයිසාපුරයේ ව්‍යාපාරිකයාගෙන් කප්පම් මුදල් ඉල්ලා තර්ජනය කර ඇති බව හෙළිවී තිබේ.

මොහු ව්‍යාපාරිකයාගෙන් කප්පම් මුදල් ඉල්ලා ඇත්තේ ඉතාලියේ සැඟවී සිටින අංජුගේ නියෝග මත බව ද පොලිසිය අනාවරණය කරගෙන ඇත.

සැකකරුට අයත් රත්මලානේ පිහිටි නිවසක සඟවා තිබූ තුවක්කුවක්ද විශේෂ කාර්ය බළකාය මගින් සොයාගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක මහතාගේ අධීක්‍ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී කමල් ප‍්‍රනාන්දු මහතාගේ මෙහෙයවීමෙන් පරීක්‍ෂණ පැවැත්වෙයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!