කෑගල්ල පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරියේ යෙදී සිටි පොලිස් සැරයන් 13935 එම්.එම්. අරුණ සේනාධීර නිලධාරියා 2002 වසරේදී අතුරුදහන්වීමක් සම්බන්ධයෙන් නිලධාරියාගේ බිරිද විසින් කළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් සිදුකරමින් සිටියි.
නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සදහන් කළේ මේ වන විට සිදුකරන ලද විමර්ශන වලදී අතුරුදන්ව සිටින අදාළ පොලිස් සැරයන්වරයා සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරක් අනාවරණය වී නොමැති බවයි.
ඉදිරි විමර්ශන කටයුතු සිදුකිරීම සදහා තොරතුරු ලබා ගැනීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහජන සහය පතයි.
මෙම නිලධාරියා සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංකය වෙත දැනුම් දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විසින් ඉල්ලා සිටියි.
දුරකථන අංකය – ස්ථානාධිපති : 011 2392900
