Gossip

මේ යාළු වමෙන් ගියත් අපි දකුණේ හරිය ”බෝයිස් ඕවර් ෆ්ලවර්ස් හි මම කළේ ගුජුම්පියෝ කියන ප්‍රධාන චරිතය”

මේ දවස්වල බොහෝ දෙනා කාලය ගත කරන්නේ සමාජජාල සමගයි. සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල ජනප්‍රිය නළුවා බවට පත්වෙලා තියෙන්නේ ඉසුරු ලොකුහෙට්ටිආරච්චි. 

කොහොමද මේ දවස්වල කාලය ගතවෙන්නේ?

මාර්තු 20 වෙනිදා ඉඳන් ෂූටින් මුකුත් නැති නිසා චිත්‍රපට බලන එක සහ පොත් කියවන එක තමා කරන්නේ. ඊට අමතරව මම ම කෑම ටික හදාගෙන කාලා ගෙදරට වෙලා ඉන්නවා.

හමුදාවෙත් හිටිය කෙනෙක් නිසා රසට කෑම හදන්න නම් පුළුවන් ඇති?

ඔව්, ඒ යුද හමුදාවෙන් ලැබුණු පුහුණුව පන්නරය ජීවිතේ හැම කාලයකටම වටිනවා. ස්වාධීනව තමන්ගේ කටයුතු කරගෙන ජිවත් වීමේ විනය සහ හැකියාව ඒ තුළින් මට ලැබුණා. ඒ නිසා ඉතින් ගැටලුවකින් තොරව කෑම හදා ගන්න පුළුවන්. මට නම් රසයි ඉතින් මම හදන කෑම.

ඉසුරු කියන්නෙත් දකුණේ කොල්ලෙක්?

වමෙන් ගියත් අපි දකුණේ හරිය… හැබැයි මම කියන්නේ දකුණ වම උතුර බටහිර කියලා එහෙම එකක් නැහැ. අපි ශ්‍රී ලාංකිකයි කියන තැන මම ඉන්නේ. මොකද ඉස්සර බුදුහාමුදුරුවෝ වගේ කාලය දීපය දේශය කුලය මව බලලා නෙවෙයිනේ අපි උපදින්නේ. එතකොට මගේ අම්මා තාත්තා මාතර පදිංචි වෙලා හිටපු නිසා මම එහේ ඉපදිලා මම දකුණේ වෙනවා. මම ඉපදුන ගම ගැන ආඩම්බරයි. මම දකුණට ආදරෙයි.රට බේර ගත්ත වීරවරයෝ දකුණෙන් බිහිවෙලා තියෙනවා. නමුත් ඒ ඔක්කොටම කලින් මම ශ්‍රී ලාංකිකයි. මොකද මගේ පළමු කාරණය මම මනුෂ්‍යයෙක්. ඒ තුළ කුලමල වරහන් මගේ ළඟ නැහැ.ඒක මේ වෙලාවේ කොවිඩ් 19 හරහා හොඳට තේරුම් කරලා දුන්නා. සුපිරි බලවතා කියලා හිටපු රටවලට අද මොකද වුණේ. ලෝකයම නටවාගෙන ඉන්න හදපු රටවල් අද නැවතිලා. අපි ඔක්කොම එකයි කියලා තේරිලා ඉවරයිනේ.

මේ දවස්වල හඬකැවීම්වලින් දායක වූ නිර්මාණ නම් යළි විකාශය වෙනව කොහොම ද ඊට ප්‍රතිචර?

දෙරණ නාළිකාවේ පිට පිට විකාශය වූ බෝයිස් ඕවර් ෆ්ලවර්ස් සහ සිරසේ විකාශනය වෙන අනන්තයෙන් ආ තරු කුමරා. බෝයිස් ඕවර් ෆ්ලවර්ස් හි මම කළේ ගුජුම්පියෝ කියන ප්‍රධාන චරිතය. අනන්තයෙන් ආ තරු කුමරා හි නම් මම පරාජය වූ පෙම්වතාගේ චරිතයට හඬ කවන්නේ. නැවත විකාශය වුවත් ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. දෙරණ නාළිකාවේ විකාශය වන බෝයිස් ඕවර් ෆ්ලවර්ස් ගුජුම්පියෝ චරිතයට මම හඬ දුන්නේ මේ තරම් ජනප්‍රිය වෙන්න කලින් නිසා, ආ මේ ඉසුරු නේද හඬ කවන්නේ කියලා හොඳ ප්‍රතිචාර ප්‍රතිචාර ලැබෙනවා.

දීර්ඝ නිවාඩුවක් ලැබීම එක ගැන මොකද හිතෙන්නේ?

දෙපැත්තක් තියෙනවා. වෘත්තීය රංගන ශිල්පියකු නිසා මෙතෙක් කරගෙන ආ සහ ජීවත් වුණු රටාවට යම් වෙනසක් සිද්ධ වෙලා තියෙනවා. ජීවත් වෙන්න සල්ලි අවශ්‍යයි. අනිත් පැත්තෙන් ගත්තම කිසිම විදිහකට නිවාඩුවක් නැති ජිවන රටාවට හොඳ විවේකයක් ලැබිලා තියෙනවා. මම ඒ නිසා මේ කාලය සුබවාදීව හිතලා මගේ ජීවිතයට එකතු කරගත්තා. මම පොත පතින් සහ සිනමා නිර්මාණ බලලා මම මගේ රංගන ජීවිතයට දේවල් එකතු කරගත්තා. ඒ වගේම හොඳ නින්දක් පිරිසුදු වාතාශ්‍රය සහ පෝෂ්‍යදායී අහාර ටිකක් ලබා ගත්ත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!