පසුගිය ජනාධිපතිවරණය පැවැත්වීමට දින හයක් වැනි කෙටි කාලයක් තිබියදී සුදු වෑන් මාධ්‍ය හමුවක් පවත්වා එකී මැතිවරණයට ඉදිරිපත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට අයුතු සහගත හානියක් වන ආකාරයෙන් මාධ්‍ය හමුවේදී කරුණු අනාවරණය කිරීමට පුද්ගලයින් දෙදෙනකු පෙළඹවූ එවකට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව නොබෝ දිනකින් මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර නඩු පැවරීමට පියවර ගන්නා බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඊයේ (27 දා) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ. පෙන්වා දුන්නේය.
ජනාධිපති මැතිවරණ පනත යටතේ හා දණ්ඩ නීති සංග්‍රහය යටතේ එකී සැකකරුට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට නියමිත බවත් එකී චෝදනා සනාථ කිරීමට ප්‍රමාණවත් ඉතා වැදගත් සාක්ෂි කිහිපයක් අනාවරණය කර ගැනීමට විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්වී ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේදී සුදු වෑන් නඩුව කැඳවූ අවස්ථාවේදී පෙන්වා දුන්නේය.
ඒ. ජේ. ඒ. අබේනායක
