කොළඹ, ගම්පහ කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවලට අද උදෑසන 5 ට ඉවත් කෙරුණු ඇදිරි නීතිය යළි රාත්‍රී 8 ට පැනවෙනවා.
එම ඇදිරි නීතිය මැයි මස 11 වැනි සඳුදා උදෑසන 5 දක්වා මුළු දිවයිනටම ක්‍රියාත්මක බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
කොළඹ, ගම්පහ කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇදිරි නීතිය යළි දැනුම්දෙනතුරු ක්‍රියාත්මක වනවා.
ඇදිරි නීතිය මෙම දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක වෙද්දි ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීම මැයි මස 11 වැනිදා ආරම්භ කෙරෙනවා.
