කොරෝනා වෛරස වසංගතය 2022 තෙක් පැවතිය හැකි අතර ලෝක ජනගහණයෙන් බහුතරයක් ඊට ප්‍රතිශක්තිය නිපදවන තෙක් පාලනය කිරීම අපහසු බව අමරිකානු පර්යේෂකයන් පිරිසක් පෙන්වා දෙනවා.
මිනසෝටා සරසවියේ බෝවන රෝග පර්යේෂණ සහ ප්‍රතිපත්ති මධ්‍යස්ථානයේ පර්යේෂකයන් සඳහන් කළේ මෙම වෛරසය තවත් මාස 24 ක් පමණ පවතිනු ඇති බවයි.
එම කාලය තුලදී මිනිස් ජනගහණය අතර වෛරසයට එරෙහි ප්‍රතිශක්තිය ටිකෙන් ටික ගොඩනැගෙනු ඇති බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.
කොරෝනා වෛරසය පැතිර යාම නතර කර ගැනීමටනම් ලෝක ජනගහණයෙන් සියයට 60 ත් 70 ත් අතර ප්‍රමාණයක් ඊට එරෙහිව ගොඩනැගිය යුතු බවයි මිනසෝටා සරසවියේ පර්යේෂකයනින් පෙන්වා දෙන්නේ.
