Gossip

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් වෙනම නිරෝධායනයට – කොරෝනා අස්සේ පොලිසිය තවත් මෙහෙයුමක් අරඹයි

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් නිරෝධායනය සඳහා වෙනම මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට අවධානය යොමුව තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ, එම පුද්ගලයින්ගේ දත්ත රැස් කිරීම ආරම්භ කර ඇති බවයි.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් හේතුවෙන් කොරෝනා ව්‍යාප්තිය ඉහළ යාමේ අවදානමක් මතුව ඇතැයි පසුගිය දා සෞඛ්‍ය අංශ අනාවරණය කළේය.

ඉන් වැඩි පිරිසක් දිවි ගෙවන්නේ කොරෝනා අවදානම් කලාපවලය.

ඒ අනුව බස්නාහිර පළාත තුළ පමණක් හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් 63,000 ක් පමණ දිවි ගෙවන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පැවසීය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!