ඉතාලියේ ජුවන්ටස් පාපන්දු සමාජය වෙනුවෙන් ක්‍රීඩා කරන ආජන්ටිනා ජාතික පෙර පෙළ ක්‍රීඩකයෙකු වන පවුලෝ ඩිබාලා ගත වූ සති හයක කාලය තුළදී සිවු වතාවක් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පරීක්ෂනවලදී තහවුරු වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි .
සිය ඉන්ස්ටග්රම් ගිණුම හරහා මෙම පුවත තහවුරු කරමින් 26 හැවිරිදි ඩිබාලා ප්‍රකාශ කර ඇත්තේ ඔහුට මෙන්ම ඔහුගේ පෙම්වතිය වන ඔරියානා සැබටිනි හටද කොරෝනා වෛරස් ආසාදනය ඉකුත් මාර්තු මාසයේ දී වැළඳුනු බවයි .වෛරසය ආසාදනය වූ විට කැස්ස ,මහන්සි ගතිය හා හුස්ම ගැනීමේ අපහසුතාවය වැනි රෝගලක්ෂණ දක්නට ලැබුණු බවත් ප්‍රතිකාර ලැබීමෙන් පසු ඔවුන් සුවය ලැබූ බව ඔහු සඳහන් කර තිබිණි.
කලාතුරකින් අසන්නට ලැබුණු එක පුද්ගලයෙකු කෙටි කාලයක් තුළදී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිවු වතාවක් පරීක්ෂනවලදී තහවුරු වීමේ පුවත පිළිබඳව වාර්තා කර ඇති මාධ්‍ය ජුවන්ටස් පාපන්දු සමාජයේ ක්‍රීඩකයා එසේ පරීක්ෂණවලදී කොරෝනා වෛරසයෙන් ආසාදනය වී ඇති බව තහවුරු වූ බව සඳහන් කර ඇතත් ඔහුට පෙර වතාවේදී මෙන් මේ වන විටද රෝගලක්ෂණ මතු වී ඇත්දැයි යන්න පැහැදිලි නොමැති බව සඳහන් කර තිබේ.
