Gossip

කොරෝනා අස්සේ චීනයේ ඉදිවෙන ලෝකයේ විශාලතම පාපන්දු ක්‍රීඩාංගණය – Photos

කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් මන්දගාමී වූ චීනයේ අගුලු දැමීමේ සීමාවන් සෙමෙන් ඉවත් කිරීමත් සමගින් නැවත වරක් වේගයෙන් ඉදිරියට යාම අරමුණු කරගත් චීනය ආසන 100,000 ක් සහිත ලොව විශාලතම පාපන්දු ක්‍රීඩාංගණය ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර ඇත. නෙළුම් මලක හැඩයකින් නිර්මාණය කර ඇති මෙම ක්‍රීඩාංගණය සඳහා ඇමෙරිකන් ඩොලර් බිලියන 1.7 ක් (යුවාන් බිලියන 12 ක්) වැය වන අතර එය 2022 අවසන් වන විට අවසන් කිරීමට නියමිතය.
මේ සඳහා මුල පුරා ඇත්තේ ගුවැන්ෂු එවර්ග්‍රෑන්ඞ් පාපන්දු සමාජයයි.
පසුගිය බ්‍රහස්පතින්දා වැඩ ආරම්භ වූ මෙම ක්‍රීඩාංගණය, ඕස්ටේ්‍රලියාවේ ‘සිඞ්නි ඔපෙරා ශාලාව’ සහ ඩුබායි හි ‘බර්ජ් කලීෆා’ සමඟ සැසඳිය හැකි ලෝක මට්ටමේ නව සලකුණක් බවට පත්කරලීම චීනයේ අපේක්‍ෂාවයි. චීන පාපන්දු ක්‍රීඩාව ලෝකයට ගෙන යාමේදී වැදගත් සංකේතයක් ලෙසින්ද මෙම ක්‍රීඩාංගණය ඉදිකරන බව, එවර්ග්‍රැන්ඞ් දේපළ වෙළඳාම් සමූහයේ සභාපති ෂියා හයිජුන් මහතා පැවසීය.
කවදා හෝ දිනක ලෝක කුසලාන තරගාවලියක් පැවැත්විය හැකි මට්ටමේ පහසුකම් ඇති කරමින් චීනය වටා ආසන 80,000 සිට 100,000 දක්වා ධාරිතාවයකින් යුත් තවත් ක්‍රීඩාංගණ තුනක් හෝ පහක් අතර සංඛ්‍යවක් ඉදිකිරීමට එවර්ග්‍රැන්ඞ් සැලසුම් කර ඇති බව එහි සභාපති ෂියා මහතා වාර්තාකරුවන්ට පැවසීය.
ගුවැන්ෂු එවර්ග්‍රැන්ඞ් පාපන්දු සමාජය 2011 සිට ආසන 60,000 කික් යුත් ටියැන්හේ ක්‍රීඩාංගනයේදී ක්‍රීඩා කළේය. දැනට ලොව විශාලතම පාපන්දු පමණක් ක්‍රීඩාංගණය වන බාර්සිලෝනා හි කැම්ප් නූ හි ධාරිතාව ආසන 99,354 කි. එහෙත් චීනයේ නව ක්‍රීඩාංගණය ඉදිකිරීමෙන් පසු බාර්සිලෝනා ක්‍රීඩාංගණයේ වාර්තාව බිඳ වැටෙනු ඇතැයි බලාපොරොත්තු වේ.
ෂැංහයි හි ඇමෙරිකානු නිර්මාණකරුවෙකු වන හසන් සයිඞ් විසින් එවර්ග්‍රැන්ඞ් සමූහයේ සභාපති ෂු ජියායින්ගේ මූලික සංකල්පයක් අනුගමනය කරමින් මෙම ලොව විශාලතම ක්‍රීඩාංගනයේ සැලසුම සකස් කරන ලදී. නෙළුම් මල් මෝස්තරය යොදාගැනෙන්නේ ගුවැන්ෂු නගරය ‘මල් නගරය’ ලෙස හැඳින්වෙන බැවිනි.
මෙම ක්‍රීඩාංගනයට ප්‍රභූන් සඳහා නැරඹුම් මැදිරි 16 ක්, ඉතා වැදගත් පුද්ගලයන් සඳහා නැරඹුම් මැදිරි 152 ක්, අන්තර්ජාතික පාපන්දු සම්මේලනය සඳහා වෙනමම ඒකකයක්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ මාධ්‍ය සඳහා වෙන්කළ ස්ථාන වලින්ද සමන්විත වේ.
ගුවැන්ෂු එවර්ග්‍රැන්ඞ් යනු චීනයේ සහ ආසියාවේ වඩාත්ම සාර්ථක පාපන්දු කණ්ඩායම් වලින් එකකි. එම ක්‍රීඩා සමාජය අට වතාවක් චීන සුපර් ලීග් ශූරතාව දිනා ඇති අතර ආසියානු ශූරයන්ගේ ලීග් ශූරතාවද දෙවරක් දිනා ගැනීමට සමත්වි ඇත. ආසියානු ශූරයන්ගේ ලීග් ශූරතාවද දෙවරක් දිනාගත් එකම කණ්ඩායම වන්නේද ගුවැන්ෂු එවර්ග්‍රැන්ඞ් කණ්ඩායමමය.
මෙවර (2020) චීන සුපර් ලීග් ශූරතාවලිය පෙබරවාරි 22 වනදා ආරම්භ කිරීමට නියමිතව තිබූ නමුත් කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන්
එය කල් දමා ඇත.
එම ඡායරූප පහතින්…
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!