උතුරු කොරියානු ඒකාධිපතියා වූ කිම් ජොන් අන් මියගොස් සිටින බවට මාධ්‍ය වාර්තා පලවනවා.
එම වාර්තා අසත්‍ය බවත්, ඔහු ජීවතුන් අතර ඉතාමත් හොඳින්’ සිටින බවත් දකුණු කොරියානු ඉහළ ආරක්ෂක උපදේශකවරයෙකු සඳහන් කර තිබෙනවා.
උතුරු කොරියානු නායකයා මියගොස් නොමැති බව තම රජයේ ස්ථාවරය බවයි ඔහු පවසන්නේ..
කිම් ජොන් මියගොස් ඇති බවට ලොව ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර මාධ්‍ය කිහිපයකින්ම වාර්තා පළ කර තිබුණා.
එම ඇතැම් වාර්තා පෙන්වා දුන්නේ ඔහු හෘද සැත්කමකට භාජනය වී අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවයි.
හොංකොං මාධ්‍යවේදිනියක් ද සඳහන් කර තිබුණේ, උතුරු කොරියානු නායකයාට ජීවිත අවදානමක් තිබූ බවයි.
මෙවන් පසුබිමක කිම් ජොන් උන් ගේ නිල දුම්රිය උතුරු කොරියාවේ නැගෙනහිර වෙරළාසන්න සංචාරක නිකේතන පිහිටි වොන්සාන් නගරයේ නවතා ඇති අයුරු ඇමරිකානු චන්ද්‍රිකා මගින් නිරීක්ෂණය කර තිබෙනවා.
පසුගිය 21 වැනිදා සිට 23 වැනිදා දක්වා දුම්රිය එම ස්ථානයේ නතර කර තිබුණද උතුරු කොරියානු නායකයා සිටින ස්ථානය එමගින් පැහැදිලි නොවන බව ජාත්‍යන්තර විශ්ලේෂකයන්ගේ අදහස වී තිබෙනවා.
කෙසේ වෙතත්, ඇතැම් නිලධාරින් විශ්වාස කරන්නේ, කොරියානු අර්බුදය මැද, උතුරු කොරියානු නායකයා එහි විවේක ගනිමින් සිටින බවයි.
උතුරු කොරියානු නායක කිම් මියගොස් ඇති නම් උතුරු කොරියාවේ මිළඟ නායකත්වය කාට හිමි වේවීද යන්න මේ වනවිට කතාබහට ලක් ව තිබෙනවා.
ඔහුගේ සහෝදරිය වන කිම් යෝ ජොං ඔහුගේ දරුවන් හැදී වැඩෙන තුරු එය භාර ගනු ඇති බවයි විශ්ලේෂකයින් පවසන්නේ .
කිම් ජොන් ගේ අවසන් දින කිහිපය පහතින්…
අප්‍රේල් 11 – පාලක කම්කරු පක්ෂ කමිටුවේ රැස්වීමක, ඒකාධිපතියා මුලසුන හොබවයි.
අප්‍රේල් 15 – උතුරු කොරියාවේ ආරම්භක පියා සහ කිම්ගේ සීයා වන කිම් ඉල් සුං වෙනුවෙන් සැමරුම් උත්සවවලට කිම් නොපැමිණෙයි.
අප්‍රේල් 21 – ඒකාධිපතියාට හෘද සැත්කමක් කර ඇති බව ප්‍රථම වරට වාර්තා වනවා.
අප්‍රේල් 23 – උතුරු කොරියානු නායක කිම්ගේ පෞද්ගලික දුම්රිය වොන්සන් හි නිවාඩු නිකේතනය අසල චන්ද්‍රිකා ඡායාරූපවල දක්නට ලැබේ. එය කිම් පවුලේ අයගේ භාවිතය සඳහා වෙන් කර ඇති ස්ථානයක වන අතර ඔහු ගමනාන්තයට ගොස් ඇති බවට වාර්තා වනවා.
අප්‍රේල් 23 – කිම් ජොන්ට ප්‍රතිකාර කිරීම සඳහා චීන වෛද්‍යවරු මේ කාලය තුළ උතුරු කොරියාවට පැමිණෙන බව වාර්තා වන නමුත් චීනය තවමත් වාර්තා තහවුරු කර හෝ ප්‍රතික්ෂේප කර නැහැ.
කිම් ජොන් පිළිබඳ විශ්ලේෂණය කරමින් සිටින අතරතුර එහි එක් නිලධාරියෙකු මාධ්‍යයට සඳහන් කර තිබුණේ මෙවැන්නක්
ඔහු උතුරු කොරියාවේ දෙවියෙකු ලෙස සැලකෙන හෙයින්, ඔහුගේ මරණය ක්ෂණිකව රටක්ම අවුලන්න පුළුවන්. ඒ නිසා රට පුරා ආරක්ෂාව සඳහා රජය විසින් යමක් කළ යුතුව තිබෙනවා.. ඒ නිසා ඇතැම් විට රජය මේ ගැන නිවේදනය කිරීම හිතා මතා ප්‍රමාද කරනවා වෙන්න පුළුවන්..”
(Dailymail ඇසුරිනි.)
