උතුරු කොරියානු නායක කිම් ජොන් මියගොස් ඇති බව ඇතැම් විදෙස් වෙබ් අඩවි වාර්තා කර තිබෙනවා.
නමුත් මෙය තවමත් තහවුරු කර නැති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් පසුගිය දිනවල උතුරු කොරියානු නායක කිම් ජොන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.
ඔහුගේ හදවතේ ශල්‍යකර්මයක් සිදුකර ඇති බව එම වාර්තාවල දැක්වුණා.
ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් කර තිබෙන්නේ ඔහුගේ මොලයද මියගොස් තිබුණු බවයි.
