දින කිහිපයකට පෙර උපත ලැබූ සිය පුතු මාරාන්තික කොරෝනා වෛරසය විසින් බිළිගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එක්සත් රාජධානියේ, බර්මින්හැම් හාට්ලන්ඩ්ස් රෝහලේදී ඇය මෙසේ අවසන් හෙලූ බවයි ඩේලි මේල් වෙබ් අඩවිය සඳහන් කරන්නේ.
29 හැවිරිදි වියේ පසුවූ ෆොසියා හනීෆ්ගේ පුතු උපත ලබා තිබෙන්නේ අප්‍රේල් 2 වැනිදායි.
ඒ සිසේරියන් සැත්කමක් මගින්.
දරුවාගේ උපතින් පසුව ඇගේ තත්ත්වය නරක අතට හැරීම නිසා ඇයව දැඩිසත්කාර ඒකකට ගෙන ගොස් තිබෙනවා.
සුළු උණ තත්ත්වයක් ඇයට වැළඳී තිබූ අතර පසුව තහවුරු කරගෙන තිබුණේ ඇයට කොරෝනා වැළදී ඇති බවයි.
කෙසේ වෙතත් මේ ැන ඇයගේ සැමියා මෙලෙස අදහස් පලකර තිබුණා.
ඔවුන් කිව්වා අපි ඇයව මෙතන තියාගෙන ඉන්නම් කියලා.. කොරෝනා පරීක්ෂණයක් සිදුකරනවා කියලා. ඔවුන් ඇයව දින දෙකක් රදවා ගත්තා.. ඊළඟ දවසේ කිව්වා ඇයට ගෙදර යන්න පුළුවන් කියලා.
නමුත් දවස් හතරකට පස්සේ ඇයට හුස්ම ගන්න අපහසු වුණා. අපි ඉන් අනතුරුව ගිලන් රථයකට කතා කළා.
ඇයගේ තත්ත්වය අසාධ්‍ය වුණු නිසා දරුවා දැක ගන්න බැරිවුණා.. ඇය ඔහුගේ ඡායාරූපය පමණයි දැක්කේ.
ඇය පින්තූරය බලලා කිව්වා මේ අපේ බබා මම ඉක්මනට ගෙදර එන්නම් කියලා.. ඒ තමයි ඇය අන්තිමටම කියපු දේ..
