Gossip

ලංකාවේ සුනඛයෙකුටත් කොරෝනා ?

ජාඇල සුදුවැල්ල ප්‍රදේශයේ පදිංචි දැනට කොළඹ අයි.ඩී.එච් රෝහලේ ප්‍රථිකාර ලබන කොරෝනා ආසාදිත පුද්ගලයෙකුගේ නිවෙසේ සුරතලයට ඇති දැඩි කළ සුනඛයෙකු කැස්ස ඇතුළු සැක සහිත කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කරමින් ගම වටා ඇවිදිමට පටන් ගෙන ඇති බව ප්‍රදේශවාසීහු පවසති.

මේ පිළිබදව ජාඇල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක අනුර අබේරත්න මහතාගෙන් කළ විමසිමේදි  ඔහු පවසා සිටියේ සුදුවැල්ල ප්‍රදේශයේ එක් නිවෙසක පුද්ගලයෙකු ගෙවුණ සතියේ කෙරෝනා ආසාදිතයෙකු බවට තහවුරු විමෙන් එම පුද්ගලයා කොළඹ අයි.ඞී.එචි රෝහලට ඇතුලත් කළ බවයි.

එසේම නිවැසියන් සියලු දෙනා නාවුක හමුදාවේ ඔලුවිල් නිරෝධානය මධ්‍යස්ථානය වෙත යොමු කිරිමට කටයුතු කළ බවත් මේ තතත්වය නිසා එම නිවෙසේ ඇති දැඩි කළ සුනඛයා මෙසේ සැක සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කරමින් තැනින් තැන ගමන් කරමින් සිටින බවත් ඔහු පැවැසීය.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!