Gossip News

රථවාහන දඩ ගෙවීමට සහන කාලයක් , කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත‍්‍රික්කවල විශේෂයි.

ඇඳිරි නීතිය ක‍්‍රියාත්මක කිරීම හේතුවෙන් ගෙවා ගැනීමට නොහැකි වූ රථවාහන දඩ පත‍්‍රිකා ගෙවීම සඳහා සහන කාලසීමාවක් ලබාදීමට පොලිසිය සහ තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

පොලිස්පති සී. ඞී. වික‍්‍රමරත්න මහතාගේ එකඟතාව මත මෙම සහන කාලසීමාව ලබාදීමට තැපැල් දෙපාර්තමේන්තුව මේ වන විටත් පියවර ගෙන තිබේ.

ඒ අනුව ඉකුත් මාර්තු මස 01 වැනිදා හෝ ඊට පසුව නිකුත් කර ඇති දඩ පත‍්‍රිකා අතිරේක දඩමුදල් රහිතව සියළුම තැපැල් සහ උප තැපැල් කාර්යාලවලින් ලබන මැයි මස 02 වැනිදා දක්වා ගෙවා දැමීමට හැකිවනු ඇත.

එමෙන්ම ඉකුත් පෙබරවාරි 10 වැනිදා සිට පෙබරවාරි 21 වැනිදා දක්වා කාලසීමාව තුළ නිකුත් කළ රථවාහන දඩ පත‍්‍රිකා සම්මත අතිරේක දඩ මුදලක් සහිතව ලබන මැයි මස 21 වැනිදා දක්වා ගෙවීමට අවස්ථාව ලබාදී තිබේ.

දැනට ඇඳිරි නීතිය ක‍්‍රියාත්මක කර තිබෙන කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත‍්‍රික්කවල රථවාහන දඩ පත‍්‍රිකා ගෙවීමේ කාලසීමාව එම දිස්ත‍්‍රික්කවල ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු ප‍්‍රකාශයට පත්කරන බව පොලිස් ආරංචි මාර්ග කියයි.

හේමන්ත රන්දුණු

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!