Gossip

“කොරෝනා වෛරසය පැතිරයාම නිසා ගෙදර ඇවිත්.” – කොළඹ ඉඳන් මිද්දෙණියේ ගෙදර ආපු තරුණයෙක් මියයයි

කොළඹ ප‍්‍රදේශයේ රැකියාවක නිරතව සිට පසුගිය 20 වන දින නිවසට පැමිණ ඇති 30 හැවිරිදි තරුණයෙකු හදිසි හෘදයාබාධයක් වැළදීම හේතුවෙන් මිද්දෙණිය කාරියමඩිත්ත තලාව දිසා රෝහ‍ලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි මිද්දෙණිය පොලිසිය පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තේ කාරියමඩිත්ත,කුඩාගොඩ,උඩගහවත්තේ පදිංචි වික‍්‍රමාරච්චි කංකානම්ගේ වජිර ප‍්‍රසංග නැමති 30 හැවිරිදි තරුණයෙක්.
මෙම තරුණයා කොළඹ ප‍්‍රදේශයේ රැකියාවක නිරතව සිට ඇති අතර රට තුළ කොරෝනා වෛරසය පැතිරයාම නිසා පසුගිය 20 වන දින කොළඹ සිට නිවසට පැමිණ තිබෙනවා.
එලෙස පැමිණි සිටි මෙම තරුණයාට පෙරේදා (07) රාත‍්‍රි 10.00ට පමණ හදිසි හෘදයාබාධයක් ඇති වීම හේතුවෙන් කාරියමඩිත්ත දිසා රෝහලට ඇතුළත් කර තිබෙනවා.
එහිදී මෙම තරුණයා මියගොස් තිබේ. මියගිය තරුණයාගේ සිරුර ඇඹිළිපිටිය මූලික රෝහලේ මෘත ශරීරාගාරය වෙත යවා ඇති අතර සිරුර පිළිබඳ මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය. මියගිය පුද්ගලයා කොළඹ ප‍්‍රදේශයේ සිට පැමිණ නිවසේ රැඳී සිටිම නිසා ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර පරීක්ෂණ කටයුතු සිදුකරන බව මිද්දෙණිය පොලිසිය පැවසුවේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!