ලබන අපේ‍්‍රල් 20 වැනිදා තෙක් දෙසතියක කාලසීමාව තුළ කොරෝනා වසංගත තත්ත්වයේ දෙවන නැගීමක් අපේක්ෂා කරන බැවින් දින 14 ක් බැගින් කාල සීමාවන් දෙකක් තුළ දී දැනට මහජනතාව සඳහා පනවා ඇති සීමාවන් සහ නීතිරීතී දැඩි කිරීම අත්‍යාවශ්‍ය බව ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා සෞඛ්‍ය ඇමැතිනි පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත දැනුම් දී තිබේ.
කොරෝනා වසංගත තත්ත්වය සම්බන්ධයෙන් සහ වයිරසය පාලනය හා මැඩපැවැත්වීම සඳහා ඉදිරියේ දී ගත යුතු ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමැතිනිය හා විශේෂඥ වෛද්‍ය විද්‍යාල සභාපතිවරුන් අතර ඊයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම දැනුම් දීම සිදු කර තිබේ .
මෙහිදී එම සති දෙකක කාලයෙන් අනතුරුව ද අවශ්‍ය වුවහොත් ඉහත ආකාරයෙන් කටයුතු කළ යුතු බවට ජනාධිපති කාර්ය සාධක බලකායේ ප‍්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා වෙත ලිඛිතව දැන්වීමට කටයුතු කරන බව ඇමැතිනිය ප‍්‍රකාශ කර තිබේ .
මෙහිදී ප‍්‍රජා වෛද්‍ය සංගමය විසින් කරුණූ දක්වමින් හැකිතාක් දුරට පුද්ගලික වාහන ගමනාගමනය අවම කරගැනීම, තම නිවසට ආසන්න කුඩා වෙළෙඳසලකින් අවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට යොමුවීම, පොදු වාහන භාවිතයේ දී දුරස්ථභාවය පවත්වාගෙන යාම, නිරන්තරයෙන් දෑත් සේදීම ආදී කරුණූ පිළිබද අත්‍යවශ්‍ය කරුණ ඉදිරි මාස 06 සඳහා පවත්වාගෙන යාම සුදුසු බව දන්වන ලදී. ඒ පිළිබඳ ජනාධිපතිවරයා විසින් ප‍්‍රජාව දැනුවත් කිරීම වඩාත් සුදුසු බව ද එම සංගමය මෙහිදී පෙන්වා දෙන ලදී. පොදු ප‍්‍රවාහනයේ දී දුරස්ථභාවය ඇතිව ගමන් කළ යුතු බවට ක‍්‍රමවේදයක් සකස් කොට එය රට පුරා ක‍්‍රියාත්මක කරන ලෙසට ජනාධිපති කාර්ය සාධක බලකායට දැනුම්දීමට කටයුතු කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී පෙන්වා දෙන ලදී.
විශේෂඥ වෛද්‍ය මහේෂ් හරිස්චන්ද්‍ර මහතා මෙහිදී කියා සිටියේ ඇදිරි නීති කාලසීමාව ක‍්‍රමාණුකූලව ඉවත් කිරීමෙන් පසු පොදු ජනයා අපහසුතාවයට පත් නොවන අයුරු අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදීම සහ ආසාදිතයින් හදුනාගැනීමේ වැඩපිළීවෙළක් ක‍්‍රියාත්මක කළ යුතු බවයි. එහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ බුද්ධි අංශ හරහා අවශ්‍ය තොරතුරු ලබාගෙන වසංගත රෝග විද්‍යා ඒකකය සහ සම්බන්ධ වී ඒ සදහා අවශ්‍ය පියවර ගත යුතු බවයි.
නීති විරෝධී ලෙස පුද්ගලයින් රට තුළට ඇතුලූවීමේ අවදානම, මාර්තු 15 සිට 20 දක්වා විදේශයන් හී සිට මෙරටට පැමිණි සියලූ පුද්ගලයින් ස්වයං නිරෝධානයට යොමු කිරීමට කටයුතු කිරීම, වයස අවුරුදු 60 ට වැඩි ස්වසන රෝග ඇති පුද්ගලයින් සඳහා සංකූලතා ඇතිවීමෙ වැඩි අවදානමක් ඇති බැවින් ඔවුන් නිවෙස් තුළම රැදී සිටිය යුතු බවට වන පණිවුඩය සමාජ ගත කිරීම යන කරුණු ක්ෂුද්‍ර වෛද්‍ය සංගමය විසින් පෙන්වා දෙන ලදී.