කොවිඩ් – 19 වෛරසයේ පැතිරීම වේගවත් වීම සමග ජනතාව පොදු ස්ථානවලට යාම තවදුරටත් පාලනය කිරීම උදෙසා රජය, ඌබර් ඊට්ස් යොමුව (Uber Eats app) භාවිතයට ගෙන ජනතාවට අත්‍යවශ්‍ය සැපයුම් ලබාදීමට පියවර ගෙන තිබේ.
එමගින් සනීපාරක්ෂක ක්‍රියාමාර්ග සහ ගමනාගමන සීමාවන්ට අනුකූලව මෙම යොමුව භාවිත කරන්නන්ට එදිනම සිල්ලර බඩු ආරක්ෂිතව ලබා ගත හැකය.
කාඩ් හෝ මුදල් මගින් ගෙවීමේ අවස්ථාවද ඇත. ඇඳිරිනීතිය පවතින අවස්ථාවලදී ඌබර් ඊට්ස්, සුපිරි වෙළෙඳසල් සහ කුඩා ස්වාධීන ව්‍යාපාර සමග හවුල් වී මෙම කර්තව්‍යයේ යෙදෙන අතර එය ආරම්භයක් ලෙස කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලින් ක්‍රියාත්මක වේ.
මේ පිළිබඳව අදහස් දක්වන මෙරට ඌබර් ඊට්ස් ආයතනයේ මෙරට නියෝජිත භව්නා ඩඩ්ලානි පවසන්නේ මෙම ගෝලීය අර්බුදය හමුවේ ජනතා සුබසිද්ධිය වෙනුවෙන් දායක වීමට ලැබීම භාග්‍යයක් බවත් අත්‍යවශ්‍ය එදිනෙදා භාණ්ඩ ලබා දීම සඳහා කාගිල්ස් ෆුඩ් සිටි සහ අනෙකුත් ව්‍යාපාර සමග එක්ව ආරක්ෂාකාරීව ජනතාව අතට පත්කිරීමට කටයුතු කරන බවත්ය.
