නව කොරෝනා ආසාදිතයන් තුන් දෙනෙකු හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ් 19 ආසාදනය වූ පුද්ගලයින් ගණන 109 ක්.
ඔවුන්ගෙන් 9 දෙනෙකු මේ වනවිට සුවය ලබා පිටව ගොස් තිබෙනවා.
තවත් පුද්ගලයින් 199 දෙනෙකු කොරෝනා ආසාදිත බවට සැකපිට දිවයිනේ රෝහල් 21ක වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.