Gossip News

රජය සමස්ත ජනතාවගෙන් සිදුකළ විශේෂ ඉල්ලීම මෙන්න

කොවිඩ් නයින්ටීන් වෛරසය රට තුළ ව්‍යාප්ත කිරීම නතර කර ජන ජීවිතය සුරක්ෂිත කිරිම සඳහා හදුන්වා දී ඇති ක්‍රියාමාර්ග සහ පිළිවෙත් සමඟ මුළුමනින්ම අනුගත වන ලෙස රජය සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

වෛරසයට ගොදුරුවීම වළක්වා ගැනිම සදහා කාර්යාල කඩ සාප්පු බස් රිය, දුම්රියපල වැනි පොදු ස්ථානවල ගැවසෙන විට එකිනෙකාට මීටරයක් තරම් දුරින් සිටීම වඩාත් ඵලදායී ක්‍රමයක් ලෙස හදුනාගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා..

එසේම වෛද්‍ය විශේෂඥයන් විසින් නිර්දේශීත සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුතු වනවා.

ඇදිරි නීතිය ඉවත් කිරීමෙන් පසු භාණ්ඩ මිලදී ගැනීම අවශ්‍ය වුව ද වෛරසයට ගොදුරු වීම වළක්වා ගැනීම සදහා සෞඛ්‍ය බලධාරින් ලබා දී ඇති උපදෙස් අකුරටම පිළිපැදිය යුතු බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.

වෙළෙඳසැල්වලට පිවිසීමේදීත්, වෙළෙඳසැල් ඇතුළතදීත්, බස්රියෙන් දුම්රියෙන් ත්‍රිරෝද රියෙන් ගමන් කිරීමේ දී දුරස්ථභාවය ආරක්ෂා කළ යුතු වනවා.

ඉන්ධන සහ ගෑස් මිලදී ගැනීමට පැමිණි විට ද එම පිළිවෙත අනුගමනය කළ යුතු බව අදාළ නිවේදනයෙන් දක්වා තිබෙනවා.

භාණ්ඩ මිලදී ගැනීමට එක් පවුලකින් එක් අයෙකු පමණක් පැමිණීමෙන් ඒකරාශී වන පිරිස අවම කරගැනීමට හැකි වනවා.

වයස්ගත පුද්ගලයින් හෝ කුඩා දරුවන් සමග වෙළෙඳසැල් වෙත ගමන් නොකළ යුතු බව සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කර තිබුණා.

මේ අතර ඉතිහාසයේ මෙවැනි අවස්ථාවල දී බුද්ධිමත්ව කටයුතු කිරිමෙන් ව්‍යවසන තත්ත්වයන් වලකාගෙන ඇති බව අමරපුර මහ නිකායේ මහනායක අති පුජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමි පවසනවා.

වසංගතය තුරන් කිරීම සදහා බලධාරීන්ගේ උපදෙස් මත කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසුවේය.

හිගයකින් තොරව අත්‍යවශ්‍ය භාණ්ඩ රට පුරා බෙදාහැර ඇති බැවින් ඇදිරි නීතිය සමය තුළ පරිභෝජනයට අවශ්‍ය භාණ්ඩ පමණක් මිලදී ගැනීමට ක්‍රියාකරන ලෙස ජනාධිපති මාධ්‍ය අංශය ඉල්ලා සිටියි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!