Gossip News

මධ්‍යස්ථාන 45ක් තුළ පුද්ගලයින් 3506ක් නිරෝධායනයට

කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා නිරෝධායන මධ්‍යස්ථාන 45ක පුද්ගලයන් 3506 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය සදහා යොමුකර තිබේ.

ඉන් 31 දෙනෙකු විදේශිකයින් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විතය පැවසුවේය.

දඹදිව වන්දනාවේ ගොස් සිට පසුගිය දෙදින තුළ මෙරටට පැමිණි පුද්ගයන් 444 දෙනෙකු ද ඊට ඇතුළත් වෙයි.

විදේශගතව සිට මේ මස පළමු වැනිදා සිට 15 වන දින දක්වා මෙරටට පැමිණි පුද්ගලයන් 15,000ක පමණ සංඛ්‍යාවක් මේ වන විට ලියාපදිංචි වී තිබේ.

ඔවුන් ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බව වාර්තා වෙයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!