කොරෝනා වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව එක්ලක්ෂ 13,603 දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ සංඛ්‍යාව ද 4012 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කොරෝනා වෛරසය ගෝලීය වසංගතයක් ලෙස නම් කළ ද එය ඉතිහාසයේ පාලනය කළ පළමු වෛරසය විය හැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා සඳහන් කරන්නේ.
කොරෝනා වෛරසය විශාල වශයෙන් පැතිරෙන යුරෝපීය රට වන ඉතාලිය සිය නිරෝධායන පියවර දැඩි කර ඇති අතර, රට පුරා මහජනයා එක්රැස් වන සියළුම උත්සව තහනම් කර තිබෙනවා.
ඉතාලි අග්‍රාමාත්‍ය ජුසපේ කොන්ටි කියා සිටියේ ඕනෑම පුද්ගලයෙකුට සේවය සහ පවුලේ හදිසි අවශ්‍යතා සඳහා පමණක් සංචාරය කිරීමට ඉඩ ලබාදෙන බවයි.
ඉතාලියේ කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව ගත වූ පැය 24 තුළ 97 කින් ඉහළ ගොස් ඇති අතර එරට මුළු කොරෝනා මරණ සංඛ්‍යාව මේ වන විට 463ක්.
ඉතාලියේ ආසාදිත සංඛ්‍යාව ද 9172 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
චීනය සහ ඉතාලිය හැරුණු කොට ඊළඟට වැඩිම කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ දකුණු කොරියාවෙන්.