Gossip

කොරෝනා නිසා තෙල් මිලට වෙන්න යන දේ

ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල දැනට සති කිහිපයක සිට අඩුවෙමින් පවතින හෙයින් එහි වාසිය මහජනතාවට ලබාදීම සඳහා පියවර ගැනීමට විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධානය යොමු කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරනවා.
කොරෝනා වෛරසය ලොව පුරා ව්‍යාප්ත වෙමින් පැවතීම හේතුවෙන් මේ වන විට ඉන්ධන මිල ලෝක වෙළෙඳ පොළෙහි ක‍්‍රමානුකූලව පහත යමින් පවතී.
මෙම කාරණය සැලකිල්ලට ගනිමින් මෙම සතියේ අමාත්‍ය මණ්ඩල රැුස්වීමේදී මෙරට ඉන්ධන මිල සංශෝධනයක් සිදුකිරීම හා ලෝක ඉන්ධන මිල පහළ යෑමේ වාසිය මෙරට ජනතාවට ලබාදීමේ අරමුණින් ඒ සම්බන්ධව කරුණු අමාත්‍ය මණ්ඩලයේ අවධානයට යොමු කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!