කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වූ ප්රථම ශ්රී ලාංකිකයා පිළිබඳව ඉතාලියෙන් වාර්තා වනවා.
46 හැවිරිදි වියේ පසුවන මෙම ශ්රී ලාංකික කාන්තාවට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බව මිලානෝ නුවර ශ්රී ලංකා කොන්සල් කාර්යාලය තහවුරු කර තිබෙනවා.
ඇය පසුගිය වසර 10 ක කාලයක සිට ඉතාලියේ පදිංචිව සිටින්නේ ඇයගේ සැමියාද සමගයි.
මෙම කාන්තාව හොරණ ප්රදේශයේ පිංචිකාරිණියක්.
මෙම කාන්තාව විසින් ඉතාලියේදී රැකබලාගත් කාන්තාවට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර ශ්රී ලාංකික කාන්තාවට වෛරසය ආසාදනය වී ඇත්තේ ඉන් පසුවයි.
