රංගන ශිල්පියෙකු හා රූපවාහිනි නිවේදකයෙකු වන කාවින්ග පෙරේරා බීමත්ව රිය පදවා රිය අනතුරක් සිදු කොට පලා යාම හේතුවෙන් තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ(18) රාත්රියේ මෙම අනතුර සිදුවී ඇති අතර අනතුර හේතුවෙන් 28 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් ඇත.
වාර්ථා වන පරිදි මියගිය පුද්ගලයා මාර්ග ප්රතිසංස්කරණ කටයුතුවල නියුතුව සිටි කම්කරුවෙකි.
මියගිය පුද්ගලයා රියේ ගැටුනු විට බීමත්ව සිටි රංගන ශිල්පියා නොනවත්වා රථය ධාවනය කරමින් එම ස්ථානයෙන් පල ගොස් ඇති බවද වාර්ථා වේ.
අත්අඩංගුවට ගත් සැකකාර කාවින්ග පෙරේරා අද(19) දින කඩුවෙල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව තලංගම පොලීසිය පවසනවා.
